ප්‍රා.ලේකම් දරැ පවුලක් මහ මගට ඇද දමයි ?

1
264

P1100223new
අහිංසක අසරණ දරු පවුලක් වාසය කල නිවස කඩා බි`ද දමා එම දරුපවුල මහ ම`ගට ඇද දැමූ කනගාටු දායක සිදුවීමක් පසුගිය සැප්තැම්බර් මස 08 වැනි බ‍්‍රහස්පතින්දා දින මීගමුව ඒත්තුකාල ප‍්‍රදේශයෙන් වාර්තා විය. මීගමුව ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ උපදේශකත්වයෙන් හා අනුදැනුම මත සිදු වූ කි‍්‍රයාවලියක ප‍්‍රතිඵලයක් ලෙස මෙම අසරණ දරු පවුලට මෙවැනි කනගාටුදායක තත්වයකට මුහුණ පෑමට සිදු වී තිබේ.
මීගමුව ඒත්තුකාල පෝරුතොට පාරේ උඩප්පුවත්තේ ( සුනාමී නිවාස සංකීර්ණය පිහිටි * අංක 126/6-ඒ දරණ ස්ථානයේ හිමිකම් ඔප්පුවකින් ද යම් ආකාර නීත්‍යානුකූල අයිතියක් ද තමා සතුව තිබියදීත් වසර ගණනාවක සිට වාසය කල 43 හැවිරිදි මේරි මරිය ජෙනිසා ප‍්‍රනාන්දු නම් තිදරු මවකට මෙලෙස මීගමුව ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ බලපෑම මත උන්හිටි තැන් පවා අද වන විට අහිමිව ගොස් තිබේ. මෙය රජයට අයත් ඉඩමක් යැයිද එයින් ඉවත් විය යුතු බවත් ඇයට මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයේ නිලධාරීන් විසින් දැනට සෑහෙන කලක සිට වරින් වර පැමිණ පවසා තිබිනි. එහෙත් ඇයට එම ඉඩම් කොටස ස`දහා හිමිකම් ඔප්පුවකින් ද යම් ආකාර නීත්‍යානුකූල අයිතියක් තිබියදී එලෙස ඉවත් විය යුතු බව පැවසුවත් ඒ ස`දහා විකල්ප ස්ථානයක් හෝ ඇයට ලබා දෙන බවට  ඇය හමුවීමට පැමිණි ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයේ නිලධාරීන් විසින් පවසා නොතිබිනි. එහෙත් පසුගිය සැප්තැම්බර් 07 වැනි දින පැමිණි මීගමුවේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිනියක ඇයට පවසා තිබුනේ පසු දින (සැප්තැම්බර් 08 දා * පිස්කල් නිලධාරීන් ලවා ඔවුන්ව මහ ම`ගට ඇද දමන බවයි. ඒ අනුව මීගමුව ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ නියෝගයක් යැයි කියමින් ඇය ගේ නිවස කඩා බි`ද දමා ඇයත් ඇගේ දරුපවුලත් නිවසේ වූ සිය`ඵම බඩු බාහිරාධියත් මේ වන විට මහ ම`ගට ඇද දමා ඇත. ඇයගේ වැඩිමහල් දරු දෙදෙනාව ඇය මේ වන විට මඩමකට භාර දී ඇත්තේ තමන් පෙලෙන දැඩි ආර්ථීක දරිද්‍රතාවය හමුවේ ඔවුන් දෙදෙනාව පෝෂනය කිරීමට ඇයට නොහැකි නිසාවෙනි. ඇයට තනි නොතනියට පවා ඇය සම`ග සිටින දස හැවිරිදි ඇගේ බාල පුතු මීගමුව ශාන්ත මරියා විදුහලේ 05 වසරේ ඉගෙනුම ලබයි. මේ තත්වය මත ඔහුගේ අධ්‍යාපනික කටයුතු හරියාකාරව කර ගෙන යාමට නොහැකි තත්වයකට අද වන විට පත් ව තිබේ.
අප අසා ඇති පරිදි යම් රජයේ ඉඩමක වාසය කරන පුද්ගලයෙකුව එයින් ඉවත් කිරීමට නම් අධිකරණය හමුවට කැ`දවා එම පුද්ගයාගෙන්ද කරුණු විමසා බලා එම අධිකරණය ම`ගින් ලිඛිත නියෝගයක් ලබා දිය යුතුව තිබේ. එහෙත් මෙම සිදුවීමේදී එවැනි ලිඛිත නියෝගයක් හෝ අඩුම තරමින් ඇයව අධිකරණය හමුවට ඉදිරිපත් කර හෝ ඇයගේ අදහස් විමසා නැත. ඇයට එම ඉඩමෙන් ඉවත් වීමට දන්වා ඇත්තේ මෙහි පෙර ස`දහන් කල පරිදි මීගමුව ප‍්‍රාදේශීය ලේකම් කාර්්‍යාලයේ නිලධාරීන් පැමිණ කට වචනයෙනි.  කට වචනයෙන් ලබා දෙන නියෝග නීත්‍යානුකූලද?. එලෙසම දැනට වසර ගණනක සිට ඇයට මෙම ඉඩම ස`දහා ඇයගේ නමින් ලියාපදිංචි ප‍්‍රකාශිත ඔප්පුවක් පවතී. එලෙසම මීගමුව මහා නගර සභාව විසින් ඇයගේ නමට මෙම ඉඩම හා නිවස වෙනුවෙන් ලබා දී ඇති අංක 0812030 වරිපනම් අංකයක්ද ලබා දී තිබේ. එවැනි යම් නීත්‍යානුකූල අයිතියක් සතු පුද්ගලයෙකුව මීගමුව ප‍්‍රදේශීය ලේකම් කාර්්‍යාලයට හෝ ප‍්‍රාදේශිය ලේකම්වරයාට හිතුමතේ නෙරපා දැමිය හැකිද ?.  එලෙසම මෙම ඉඩමෙන් හා එම නිවසින් එහි නිවැසියන් හා බඩු බාහිරාධිය ඉවත් කිරීමට පැමිණි නිලධාරීන් එවැනි නිල ලිඛිත නියෝගයක් මේ නිවැසියන්ට (ඇයට* ලබා දී හෝ නැත . හිටි හැටියේ ම පැමිණ ඔවුන් ගේ නිවස කඩා බි`ද දමා තිබේ. මෙම සිය`ඵ කරුණු පරීක්ෂා කර බැලීමේදී මෙම සිදුවීම සිදු වී ඇත්තේ නීතියානුකූල නොවන ස්වාභාවයකිනි. එලෙසම නගරයක් ප‍්‍රාදේශයක් පරිපාලනය කරන පාලක නිලධාරීන් පොදු අසරණ ජනතාව කෙරෙහි දැක්විය යුතු මානුෂවාදී ආකල්ප මෙහිදී යටපත් වී ඇති බව පෙනී යයි.
මීගමුවට මහා නගර සභාවට අයත් පෙරියමුල්ල ප‍්‍රාදේශයේ පිහිටි මඤ්ඤොක්කා හේන නමින් හ`දුන්වන මීගමුව ප‍්‍රධාන සුසාන භූමියේ අනවසරයෙන් නිවාස ඉදිකර  විදුලිය හා ජල පහසුකම්ද ලබා ගෙන දේශපාලඥයින්ගේ අධාර මත පිරිසක් වාසය කරන අතර ඒවා අනවසර බව මීගමුව ප‍්‍රාදේශීය ලේකම්වරයාට නොපෙනුණිද?  එලෙසම මීගමුව නගරයේ කාමච්චෝඬේ වෙළ`ද පොලේ ප‍්‍රධාන තාප්පයක් අසල පිරිසක් නිවාස සදා පදිංචි වී සිටින ආකාරයද මීගමුව ප‍්‍රාදේශීය ලේකම්වරයාට මෙතෙක් නොපෙනුනිද? මීගමුව සංචාරක කලාපය තුල ඇති වැඩි ආර්ථීක වටිනාකමක් සහිතව පිහිටි  උඩප්පුවත්ත වැනි ඉඩම් කොටස් පිලිබ`දව පමණක් මීගමුව ප‍්‍රාදේශිය ලේකම්වරයාගේ අවධානය යොමුවී වී ඇත්තේ මන්ද ?
කෙසේ වුවද මීගමුව ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ මෙම කි‍්‍රයාකලාපය හමුවේ අසරණ දරු පවුලකට උත්හිටි තැන් පවා අහිමිව මේ වන විට අන්ත අසරණ තත්වයකට පත් වී ඇත. වත්මන් රජයෙන් දුප්පත් අසරණ මිනිසුන්ට ලබා දෙන ‘‘ සුභ අනාගතය’’ මෙබ`දුද ?

1 COMMENT

  1. මේ පිස්සු ප්‍රදෙසිය ලේකම්ට ගූ ගහලා එලවන්න ඕන.

Comments are closed.