20ට එකඟ නම් එජාප අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට

0
84


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට එකඟ වන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදිය හැකි බවට ඊයේ (24) පැවති එජාප ජ්‍යේෂ්ඨයින්ගේ රැස්වීමේදී ප්‍රකාශයට පත්කර තිබේ.

මෙම මූලික එකඟතාව මත පිහිටමින් පක්ෂ නායකත්වය සහ අග්‍රාමාත්‍ය ධුරය රනිල් වික්‍රමසිංහ මහතා වෙතම තබාගැනීම සහ පක්ෂයේ වෙනත් තනතුරු කිසිවක් ද වෙනස් නොකිරීම යන කොන්දේසි දෙකට ද එකඟ වන්නේ නම් සජිත් ප්‍රේමදාස මහතාව හෙට (26) පැවැත්වෙන විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාකච්ඡාවේදී ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් ප්‍රකාශයට පත් කළ හැකි බවයි ඊයේ සජිත් පාර්ශ්වය වෙත දැනුම් දී ඇත්තේ.

කෙසේවෙතත් සජිත් ප්‍රේමදාස මහතා මෙම සාකච්ඡාවට සහභාගී වී නොසිටි හෙයින් අද (25) දිනයේදී මෙම කොන්දේසි ලිඛිතව ඔහු වෙත භාරදීමට නියමිතව ඇති අතර ඔහු මීට එකඟ වන්නේ නම් එජාප අපේක්ෂක අර්බුදය මෙතැනින් අවසන් වනු ඇත.
මේ අතර, සජිත් ප්‍රේමදාස මහතාට දැනටමත් අපේක්ෂකත්වය ලැබී ඇති බවට ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණු නමුත් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් දිවා රෑ වෙහෙසෙන සිරස මාධ්‍ය ජාලයෙහි එවන් පුවතක් පළ වී තිබුණේ නැතිවීම ද විශේෂත්වයකි.
LNW