2000 කට අධික පිරිසක් සේවය කරන බඩල්ගම සිරියෝ ආයතනයෙන් ආසාදිතයන් 23 ක් ?

0
440

corona 2( 1.30 pm ) 2000 කට අධික සේවක සංඛ්‍යාවක් සේවය කරන බඩල්ගම පිහිටි සිරියෝ ලිමිටඩ් ආයතනයේ සේවකයින් 23දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වි ඇති අතර  එම සමාගම විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ

ඔවුන්ගේ ආශ්‍රිතයින් සොයා පී.සී.ආර් පරීක්ෂණ සිදු කර ඔවුන් නිරෝධනයට යොමු කිරීමට කටයුතු කරමින් සිටින බව එම නිවේදනයේ වැඩිදුරත් සදහන්ය.
කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීමෙන් පසු වෛරසය පැතිරයාම වැලැක්වීම සදහා බඩල්ගම පිහිටි සිරියෝ ලිමිටඩ් ආයතනය තාවකාලිකව වසා දමා ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර ඊයේ දිනයේ මිගමුවෙන් හමුවු ආසාදිතයන් 23 දෙනාගෙන් 5 දෙනෙකු සිරියෝ ආයතනයේ අයවලුන් බව සෞඛ්‍ය අංශය සදහන් කර තිබේ

නිල නිවේදනය පහත දැක්වේ…..