20,000ක් මැරූ එකට තාමත් විසඳුම් නැද්ද ?

0
160

වකුගඩු රෝගය නිසා දැනට 20000 කට වැඩි පිරිසක් රජරට ඇතුලු ප්‍ර දේශ වල මිය ගොස් ඇති බවත් වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් පැවැති රජයන් හා පවතින රජයන්ද සාධණය ක්‍රියාමාර්ග සඳහා යොමු වී නැති බවත් වකුගඩු රෝග මර්ධන ව්‍යාපාරය පවසා සිටී.

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය රජරට විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නීතීඥ සංගමයේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ කමිටුව විසින් සංවිධනය කරන ලද මහජනතාව දැණුවත් කිරීමේ රැළියකදී මේ බව ප්‍රකාශ කළ සිටියේය.

ග්ලයිෆොසේඩ් ඇතුළු කෘෂි රසායන ගනනාවක් තහනම් කර තිබුණද මේ වන තෙක් ඒවා වෙළඳ පොලෙන් ඉවත් කර නොමැති අතර රජයේ මැදිහත් වීමෙන් පසුගිය කාලය තුළ ග්ලයිෆොසේඩ් කන්ටේනර් 15ක් නිදහස් කර ඇත.

වකුගඩු රෝගය මර්ධනය වෙනුවෙන් යැයි කියමින් රජය සංවර්ධන ලොතරැයි නිකුත් කරමින් වකුගඩු රෝගයද ආදායම් මාර්ගයක් කරගෙන ඇති බවත් රාජ්‍ය නොවන සංවිධාන ජල බොතල් කරණ ආයතන ෆිල්ටර් නිශ්පාදන ආයතන ඇතුළු ආයතන ගණනාවක් වකුගඩු රෝගය තමන් ජීවත් විමේ කළාව බවට පත් කර ගෙන ඇත.

එම නිසා ජනතාවට නිසි අවබෝදය ලබා දෙමින් වකුගඩු රෝගයද සැබෑ නිමාවක් දැකීමටනම් සියළු දෙනා එක්වී එකට කටයුතු කළ යුතුව ඇත.

වකුගඩු රෝග මර්ධන ව්‍යාපාරය විසින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම් මාලාවක් සිදුකිරීමටද නියමිතය.
http://www.lankadaily.com

CronicKidny2

CronicKidny3CronicKidny4CronicKidny5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here