2002 ඉදන් බිච් පාක් එක අල්ලන් ඉන්න ධර්මේන්ද්‍ර කව්ද ?

0
134

beach park 2මීගමුවේ වෙරළ උද්‍යානයේ ටෙන්ඩර් හිමිකාරිත්වය 14 වෙනි වතාවටත් හිමිකර ගන්නට මීගමුවේ ධර්මේන්ද්‍ර නැමැත්තාට හැකිව තිබේ.
53 ශා.මරියා විදිය මීගමුව යන ලිපිනය සහිත බුද්ධික ධර්මේන්ද්‍ර නැමැත්තා වසර 2002 සිට මෙම උද්‍යාන ටෙන්ඩරයේ නිත්‍යාණුකුල හිමිකරුවා වෙයි.
එහෙත් එහි ඇත්ත හිමිකරුවා වන්නේ ඇමති නිමල් ලංසාගේ පියා වන පිළෙන්ද්‍රන් ලංසා නැමැත්තා යන්න අද ප්‍රසිද්ධ රහසකි.
මෙවරද කලින් ටෙන්ඩර ගාස්තුවට 10% ක් පමණක් වැඩිකරමින් ධර්මේන්ද්‍ර නැමැත්තාට ටෙන්ඩරය ලබාදිමට ඊයේ පැවැති මීගමුව මහනගර සභාවේ අවසන් මහසභා රැස්විමේදි තින්දු කර තිබුණි.