2009 මැයි මාසේ හමුදාවට භාර වු ප්‍රැන්සිස් ජොශප් පියතුමාට මොකද වුනේ ?

0
107

2009 මැයි 18 වන දින මුලතිවු සෙල්වපුරම් ගම්මානයේදී පමණක් රජයේ හමුදාවට භාරවූ පිරිස 800 ක් පමණ වන බව එම පවුල්වල ඥාතීන් පවසන අතර  මෙම පිරිස සමගම සා. පැට්ට්‍රික් විදුහලේ  හිටපු පාලක පියතුමා වන ප්‍රැන්සිස් ජෝශප් පියතුමාද එම පිරිසෙහි ඉල්ලීම මත, සියළුම දෙනා කැටුව පැමිණ හමුදාවට භාරවී තිබේ. එසේ භාරවූවන් අතර LTTE සංවිධානයේ ප්‍රධානියකු වන එලීලන් නැමැත්තා හා ඔහුගේ දරුවන් සහ  බිරිද ද විය.

මෙසේ භාරවුවන්ගෙන් පිරිසක් බස් රථ 15 ක දමාගෙන රැගෙන ගිය බවත් එසේ රැගෙන ගිය පිරිසෙන් කිසිවෙක් යලිත් ආපසු නොපැමිණි බවත් එසේ රැගෙන ගිය අයගේ ඥාතීන් පවසයි. එමෙන්ම එසේ භාරවීමට මුලිකත්වය ලබා දුන් ප‍්‍රැන්සිස් ජෝශප් පියතුමා සම්බන්ධව ද කිසිදු තොරතුරක් මෙතෙක් නොමැති බවද එම පිරිස් පවසා සිටී.

හමුදාවට භාර වූ තම ඥතීන් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර ඇති හබයාස්කොපුස් නඩු පිළිබදව විභාගය ජුලි මස  15 වන දා වව්නියාව මහාධිකරණයේ විභාගවීමට නියමිතව තිබේ.
මෙසේ තම ඥතීන් පිළිබදව තොරතුරු ඉල්ලා දැනට නඩු 05 ක් ගොනුකර ඇති අතර ඉදිරියේ දී තවත් නඩු කිහිපයක් ගොනු කිරීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ. මෙම හබයාස්කෝපුස් නඩුවල පැමිණිලේ පාර්ෂවය වෙනුවෙන් ජේෂ්ඨ නිතිඥ රත්නවේල් මහතා පෙනී සිටී.
මෙසේ අතුරුදහන් වු ප්‍රැන්සිස් ජෝශප් පියතුමා පිළිබදව මෙරට කතෝලික සභා නායකත්වය කිසිදු ඵලදායි මැදිහත්විමක් මේ වනතුරුත් සිදුකර නොමැත.
සිය ජිවිතයම කිතුණු සභාව වෙනුවෙන් කැප කළ 70 වියැති මේ වයෝවෟද්ධ පියතුමන්ට සිදුවු දේ සොයන්න කිතුණු බලධාරින් මැදිහත්විම නොවිම මගින් මේ සමාජයට දෙනු ලබන පණිවිඩය කුමක්ද ???fr.Frnasisi

මුලාශ්‍රය-http://www.right2lifelanka.org