2011 දී පොලිස් වෙඩි පහරින් මිය ගිය රොෂේන්ගේ නඩු විභාගයේ සාක්ෂි කැඳ වේ

0
39
රොෂේන්

2011 වසරේදී එවකට සිටි ආණ්ඩුව විසින් සම්මත කර ගැනීමට උත්සාහ දැරූ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් පනතට විරෝධය පාමින් කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක පිරිස් විසින් පැවැත් වූ උද්ඝෝෂණයක් මැඩ පැවැත්වීමට කැරළි මර්දන පොලිස් සේනාංක විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකට ගොදුරුවීමෙන් රොෂේන් චානක රත්නසේකර මැයි මස 30 වැනිදා මරණයට පත්විය.
මෙම නඩුවේ සාක්ෂි කැඳවීම අද (18) මීගමු⁣ව මහ අධිකරණේදි මහ අධිකරණ විනිසුරු අමාල් රණරාජ් මහත⁣ා ඉදිරියේදී ආරම්භ කරන ලදී. මෙම නඩුවට සාක්ෂි දීම සඳහා එදින පොලීස් වෙඩි පහරට ලක්වූ AGT ආයතනයේ සේවකයෙක් සහ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයෙක් සහ අද අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලදී.එමෙන්ම 2011 මැයි මස 28 වනදා මෙම සිදුවීම වාර්තා කිරීමට සහභාගී වූ සරස ආයතනයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකුත් අද සාක්ෂි සඳහා කැදවා තිබිණි.
මෙහිදී විත්තිය පාර්ශවය වෙනුවෙන් නිතිපති දෙපාර්තමෙන්තුව නියෝජනය කරමින් අධිනීතිඥ
උදාර කරුණාතිලක සහ තිස්ස විජේසූරිය යන නීතිඥවරුන් පෙනී සිටියහ.

2011 මැයි 28 සහ 30 යන දිනවල රොෂේන් චානක ගේ සිදුවීමට ඡායාරුපP1070783 new

රොෂේන්