2012 වසරේ මීගමුවට ඩෙංගු වලින් දෙවැනි තැන.

0
152

බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට අනුගත පළාත් සෞඛ්‍ය සේවා කාර්යාලය මගින් 2012 වසරට අදාලව ඩෙංගු රෝගය සම්බන්ධව ඉදිරිපත් කර ඇති වාර්ථා වේ මේ බව සදහන් වේ.මීගමුව දෙවනි වි ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ටාශයට පමණි.2012 වසරේ මීගමුවෙන් ඩෙංගු රෝගින් 701 ක්ද  මහරින් 869 ක් වාර්ථා වි ඇත.
2011 වසරේදි මීගමුව ලංකාවේ ඩෙංගු වැඩිම නගරය බවට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින්ම එක්තරා අවස්ථාවකදි නම් කර තිබුණි.
මේ පසුබිම යටතේ 2013 වසරේදි ඩෙංගු පාලනය කිරිම සදහා මීගමුව මහ නගර සභාව සහ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විධිමත් වැඩපිළිවෙලක් සංවිධානය කිරිමේ බරපතල වගකිමක් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය වෙත පැවරි ඇත.