2012 දි කඩාදැමු රුක්මණිදේවි ස්මාරකයට දැන් වෙලා තියෙන දේ !

0
351
2012 දි කඩාදැමු රුක්මණීදේවි ීස්මාරකය 1
2012 දි කඩාදැමු රුක්මණීදේවි ීස්මාරකය 1
2012 දි කඩාදැමු රුක්මණීදේවි ස්මාරකය

රුුක්මණිදේවි ස්මාරකය 2

2012 අගෝස්තු 12 වැනි දින මීගමුව මහ නගර සභා ප්‍රධාන සුසාන භූමියේ පිහිටි රුක්මනීදේවියගේ සිරුර භූමදානය කර තිබෙන ස්මාරකය කඩා බිද දමා තිබුණි.
ඒ   මීගමුවේ හිටපු නගරාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වු ආනන්ද මුණසිංහ මහතා  ඇතුළු පුද්ගලයින් 07 දෙනෙක් විසිනි.
මේ ගැන අධිකරණය හමුවේ චෝදනා ලැබු මේ පිරිස  ඊට වන්දි වශයෙන් ස්මාරකය නැවත ඉදිකිරිමට රු ලක්ෂ 5 ක් රුක්මණිෙද්වි සංසදයට ලබාදුණි.

ඒ අනුව අධිකරනය තීන්දු කල එම රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදල ලබා ගැනුනේ රුක්මණි දේවි සංසදයේ අධ්‍යක්ෂිකා ශ්‍රියානි අමලා දිසානායක නැමැති රුක්මණි දේවියගේ ගීත ගයනා කරන තැනැත්තියක් විසිනි. එම වන්දි මුදල ලබා ගැනීමේ අවස්ථාවට එම සංසදයේ ලේකම් ලෙස කොපිකඬේ කුරුං-ගුරුං හෙවත් කේ.ඒ. පියකරු නැමැත්තාද සහභාගී විය. එලෙසම එම සංසදයේ සමජිකයෙකු වන අර්නස්ට් සොයිසා නැමැති ප්‍රකට  ගිටාර් වාදන ශිල්පියාද සහභාගී විය.
මේ අය විසින් මේ මුදල් වියදම් කරමින් යළිත් ස්මාරකයක් ගොඩනැගිය යුතුව තිබුනද වසර ගණනාවක් ගියද  එය ගොඩනගා තිබුනේ නැත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව පොදු සුසාන භුමියේ භාරකරු ලෙසින් සේවය කරන බන්දුල මහතා සදහන් කළේ හෙළ සිනමාවේ සහ සංගිත කලාවේ කෝකිලාවිය වු මීගමුවේ ඉපදුන රුක්මණිදේවි වෙනුවෙන් ස්මාරකයක් ඉදිකිරිමේ ප්‍රබල අවශ්‍යතාවයක් තිබෙන බවය,
රුක්මණිදේවියගේ ජිවිතයේ වැදගත් සංධිස්ථාන හා බැදුන ඡායාරූපද ඇතුළුත් වු පැරණි ස්මාරකයේ කැබලි දැන් පොදු සුසාන භුමියේ ගබඩා කාමරයක දමා ඇති බවත් දැන් එකි සොහොනේ ඇත්තේ නිකම් නිකම් කණු 4 ක්  බවත් කියා සිටියේය.
මේ අතර රුක්මණිදේවි පදනමේ අධ්‍යක්ෂිකා ශ්‍රියානි මහත්මිය මුල්වි 2015 ඔක් 28 වනදා කොළඹදි රුක්මණිදේවි අනුස්මරණ උත්සවයක් පැවැත්විමටද කටයුතු සංවිධානය කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අප 2015 දි කළ විමසුමකට පිළිතුරු දුන් ශ්‍රියාණි මහත්මිය පවසා සිටියේ රුක්මණිදේවියගේ ස්මාරකය යළි හදන්න මීගමුවේ ජනතාවගේ සහ අදාල බලධාරින්ගේ සහය බලාපොරොත්තු වන බවය.
එසේ ලබාදෙන්නේ නම් ඇය විසින් ඒ ස්මාරකය යළිත් ඉදිකරන්නට සුදානම් බවද කියා සිටියාය.

dav

dav

sdr
කෙසේ වෙතත් අද දිනයේ එහි ගිය අපට දැකගන්නට ලැබුනේ රුක්මණිදේවිය වෙනුවෙන් ඉදිකර තිබුණ ස්මාරකය වෙනුවට ජයමාන්න පවුලේ සියළුම දෙනා වෙනුවෙන් ඉදිකර තිබුණු පොදු සොහොනක් අලුතින්  නිර්මාණය කර ඇති බවය.
එහි රුක්මණි දේවි එඩි ජයමාන්න බි.ඒ.ඩබ්ලිව් ජයමාන්න ඇතුළු ජයමාන්න පවුලෙ අය වෙනුවෙන් මෙම පොදු සොහොන් වල නිර්මාණය කර ඇත.
2012 වසරේදි කඩාදැමුණු රුක්මණිදේවි ස්මාරකයට තුල වු මතක සටහන් වලට දැන්  සිදුව ඇත්තේ කුමක්දැයි නොදනි.
.රුක්මණිදේවිය මිය ගොස්  ඔක්තෝබර් 28 වෙනිදාට වසර 40 කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here