2012 දී මීගමුව MOH කලාප‍‍‍ෙයන් වාර්තා වන පළමු ඩෙංගු මරණය ??.

0
97

             මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයේ පසුගිය පෙබරවාරී 12 වැනි ඉරුදින සවස ඩෙංගු  රෝගය හේතුවෙන්  මරණයක් සිදු තිබේ. මිය ගොස් ඇත්තේ මීගමුව, පෙරියමුල්ල, ලාසරස් පාරේ අංක 138/1 දරණ නිවසේ විසු 59 හැවිරිදි   ෆාතිමා ෆරීනා නැමැති තිදරු මවකි. ඇය රැකියාවක් නොකළ අතර ඇයගේ දරුවන් තිදෙනාම වයස අවුරුදු 25 ඉක්මවු අය වෙති.. පසුගිය පෙබරවාරී 05 වැනි ඉරු දින වන විට ඇය උණ රෝගයෙන් පෙලී ඇති අතර ඇයව මීගමුව රෝහලට ඇතුලත් වී ඇත්තේ පෙබරවාරී 09 වැනි බ‍්‍රහස්පතින්දා දිනය. රෝහලට ඇතුඵ කරන විටත් ඇය ඩෙංගු රක්තපාත තත්වයේ කම්පන අවස්ථාවට  ( Dengu Shock Stage ) පත්ව සිටි බවද වැඩි දුරටත් වාර්තා වෙයි. ඒ අනුව එදින රාති‍්‍රයේහීම ඇයව මීගමුව රෝහලේ දැඩි සත්කාර ඒකකයට   ඇතුලත් කර තිබේ. එහෙත් ඇය පසුගිය 12 වැනිදා එහිදී මිය ගොස් ඇත.
මියගිය ෆාතිමා ෆරීනා පාලනය නොකළ   දියවැඩියා රෝගයෙන් පෙලූනූ කාන්තාවකි. ඒ එමෙන්ම මීගමුව රෝහලට ඇය ඇතුල් කල අවස්ථාවේ දී කරන ලද පරීක්ෂාවන් වලදී ඇය ට අධි රුධීර පීඩන තත්වයක් ද තිබී ඇත. කෙසේ වෙතත් ඇය ව මීගමුව රෝහලට ඇතුලත් කල පසු කරන ලද ප‍්‍රතිදේහ පරීක්ෂාවේදී අනාවරණය වී ඇත්තේ ඇයට ඩෙංගු තත්වයක් නොමැති බවයි. ඒ නිසා ඇයගේ පෙර රෝගී තත්වයන් මෙන්ම මීගමුව රෝහලට ඇතුලත් කල පසු ඇය වෙතින් පල වූ රෝගී තත්වයන්ද සැලකිල්ලට ගනිමින් මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් අධිකරණ මරණ පරීක්ෂනයක් සිදු කරන ලදී. එහිදී මීගමුව රෝහලේ අධිකරණ විශේෂඥ වෛiවරුන් මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප‍්‍රකාශයට පත් කර මරණයේ අවසන් වැඩ කටයුතු කිරීම සදහා මෘත දේහය ඥාතීන්ට භාර දී තිබේ. ඒ අනුව එම විවෘත තීන්දුවෙන් ප‍්‍රකාශයට කර ඇත්තේ ඇයගේ මරණය ඩෙංගු රෝගය නිසා සිදුවී ඇති බවට දැනට අනුමාන කල හැකි බවකි. කෙසේ වෙතත් ඇයගේ මරණය සිදු වුයේ කුමන හේතුවකින් දැයි සොයා බැලීමට වැඩි දුර පරීක්ෂණ තවදුරටත් පැවැත්වෙන බව ද  වර්තා වේ.
මෙම මරණය ඩෙංගු රෝගයෙන් සිදුවුණු මරණයක් ලෙස ස්ථිරයෙන් ප‍්‍රකාශයට පත් වුවහොත් එය  මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය තුළ මෙම 2012 වසරේ සිදුවූ ප‍්‍රථම ඩෙංගු මරණය ද වේ.

 

තුෂාර රොහාන්