2013 වසරේ මීගමුවේ අභියෝග

0
262

 

ඉන් පළමුවැන්න තමයි ඩෙංගු ව්‍යවසනය මැඩපැවැත්වීම. පසුගිය වසරේ දීත් ඊට කලින් සිටම මීගමුව නගරය ලංකාවේ ඩෙංගු රෝගීන් වැඩිම සහ ඩෙංගු රෝගය වැඩියෙන්ම ව්‍යාප්ත කරන ප්‍රධාන නගරය බවට පත් වුණා. අපේ ආන්ඩුවේ දේශපාලඥයෝ සහ විශේෂයෙන්ම මීගමුව නගර සභාවේ ආන්ඩු පක්ෂයෙන්ද මේ සදහා විවිධාකාරයේ ව්‍යාපෘති සහ වැඩසටහන් දියත් කළා.
කාණු ශුද්ධ පවිත්‍ර කලා, බී.ටී.අයි. බැක්ටිරියාව ගැහැව්වා, අපවිත්‍ර කරන අයට විරුද්ධව නඩු දැම්මා , දැනුවත් කිරීම් කළා. නමුත් ආපසු හැරිලා බලපුවාහම අපට සෑහීමකට පත් විය හැකිද ?  එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවක් නැහැ.
ඒ නිසා මේ වසරේදීවත් ඩෙංගු මැඩපවත්වන්න කඩින් කඩ කරන බොරු සංදර්ශනාත්මක වැඩිපිලිවෙලවල් නොව සෑම විටම ක්‍රමවත් විධිමත් සහ සැලසුම්සහගත දේශපාලනීකරණයෙන් තොර අඛන්ඩව දියත් වන ඇත්ත වැඩපිලිවෙලක් මීගමුව තුළ කි්‍රයාත්මක විය යුතුයි.
දෙවැනි අභියෝගය තමයි මීගමුවේ ගංවතුර වැලැක්වීම. එදා සහ අද සන්සන්දනය කරන විට මීගමුව නගරයේ යම් අකාරයක ගංවතුර පාලනය වීමක් සිදු වුවත් මීගමුවේ සමහර ප්‍රදේශ  පොඩි වැස්සකදී පවා ගංවතුරට යටවෙනවා. විශේෂයෙන් ලක්ෂ ගණනක් වැය කර
දෙපා ඇල ප්‍රදේශය පිලිසකර කටයුතු සිදු කළත් තවමත් වර්ෂා කාලයට දෙපා ඇල ආශ්‍රිත මීගමුව නගර සභා බල ප්‍රදේශයේ පිහිටි කටුවපිටිය කියන ප්‍රදේශයේ  වැඩි හරියක් යට වෙනවා.  නගර සභාවක හෝ මොන යම් පළාත් පාලන ආයතනයක හෝ වගකීම සහ
යුතුකම  විය යුත්තේ බදු ගෙවන ජනතාවට සිදු වන පීඩාවකදී ඔවුන් එයින් ගලවා ගැනීමයි.
ඒනිසා මීගමුව නගරය අවට ජීවත් වන ජනතාව ගංවතුර උවදුරෙන් ගලවා ගැනීමට මේ වසරේදීවත් මීගමුව මහා නගර සභාව උත්සුක විය යුතුයි. ඒ සදහා ඉක්මන් වැඩපිළිවෙලක් කි්‍රයාත්මක කළ යුතුයි. ඒවාගේම අනෙක් කාරණය තමයි මීගමුව නගරයේ මහා දායාදය රාජපක්ෂ උද්‍යානය  අද වන විට පුරා වසර කිහිපයක සිට මීගමුව ජනතාවට අහිමි වී තියෙනවා. එය මල් උද්‍යානයක් ලෙස නොතිබීමෙන් මීගමුව ජනතාවට, නොමිලේ විවේක ගැනීමටත් මානසික අස්වැසිල්ලක් ලබා ගැනීමට තිබූ පොදු ස්ථානයක් මෙලෙස අහිමි වී තියෙනවා. එමෙන්ම මේ දක්වා එය වසා තැබීමෙන් සහ  ආරක්ෂක වියදම් ලෙසද , එලෙසම එය මෙතෙක් කාලයක්
මල් උද්‍යානයක් ලෙස ජනතාවට විවෘත නොකිරීමෙන් නගර සභාවට ලැබිය යුතු  විශාල ආදායමක් මේ වන විට ඇහිරී ගොස් තිඛෙනවා. ඒ නිසා තවමත් හරි විසදුමක්
නැති මීගමුව නගර ජනයාට නොමිලේ පරිත්‍යාග කළ  මෙම උද්‍යානය මේ වසරේ දීවත් ජනතාවට විවෘත කර දීමට කටයුතු කළ යුතුයි.
නගර සභාවේ සිය`ඵ මහජන සුභ සාධක කටයුතු ස`දහා සහ වෙනත් විය හියදම් පියවා ගැනීමට සිදු වන්නේ නගර සභාාවට ලැඛෙන වරිපනම් බදු මුදල් වලින් සහ නගර සභාවේ දේපල ආදී දේ බදු දීමෙන් ලැඛෙන මුදලින්. නමුත් මේ පසුගිය වසර කිහිපය තුළ මෙම දේපල බදු දීමේදී නිසි ටෙනඩර් ක්‍රමයකට කි්‍රයාත්මක නොවීමේ තත්වයක් දැක ගත හැකි වුණා. ඒ නිසා මේ වසරේදීවත් නගර සභා දේපල බදු දීමේදී ටෙනඩර් විධිමත් ක්‍රමයකට අනුව විනිවිද භාවයකින් යුතුව සිදු විය යුතුයි .