2014 දෙසැ.10 ජනපති මෛත්‍රී දුන් පළමු පොරොන්දුව අද බිඳෙයි ?

0
70

(වීඩියෝ සහිතයි )
හිටපූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඒකාධීපති පාලනයට එරෙහිව පළමු සටන් මෙහෙයවූ කාලය වූ 2014 වර්ෂයේදී මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරි කමිටුව විසින් සංවිධානය කරන ලද මානව හිමිකම් දිනයට වර්තමාන ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ප්‍රධාන ආරධිතයෝ වූහ. එහිදී  මාධ්‍ය නිදහස සඳහා වූ ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු වූ  සමන් වගආරච්චි මහතා  විසින් ප්‍රකාශ කරන ලද්දේ ‘‘ අපට ලැප්ටොප් එපා මාධ්‍ය නිදහස පමණක් දෙන්න ‘‘ යනුවෙනි. ‍එදින මාධ්‍යෙව්දීන් අමතමින් ජනපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දුවක් විය. ඒ ඔහුගේ රජයකදී මාධ්‍ය නිදහස සුරක්ෂිතකරලීම සඳහා කටයුතු කරන බවටයි.
නමුත් අද ඊට වසරකට පසු එවැනිම වූ මානව හිමිකම් දිනයකදී ‘සත්හඩ පුවත්පතේ  නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන ඔහු විසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවක් පාදක කොට ගනිමින් ඔහුව රහස් පොලීසියට කැඳවන ලදී.  සුභාෂ් ජයවර්ධනට රහස් පොලීසිය හෝ පොලීසිය නුපුරුදු තැනක්  නොවේ. මන්ද ඔහු මීට වසර කීපයකට පෙරද  x නිව්ස් හා ශ්‍රී ලංකා මිරර් යන වෙබ් අඩවි හි කාර්යාල රහස් පෙලීසිය විසින් වැටලූ අවස්ථාවේද පොලිස් අත්අඩංගුවට පත්වූ මාධ්‍යෙව්දියෙකි. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය තුළදීය.  ඔහු  ” ද ඉන්ඩිපෙන්ඩන්  වෙබ් අඩවියේ ” කර්තෘවරයා ලෙස කටුයුතු කළ අතර  මහින්ද රජය පෙරලීම වෙනුවෙන් සටන් කළ වෙබ් අඩවි අතර  Theindependent.lk වෙබ් අඩවියද ප්‍රධාන කාර්යභාර්්‍යයක් ඉටුකරන ලදී.
පහත දැක්වෙන්නේ එදා 2014 දෙසැම්බර් 10 වන දින වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍යෙව්දීන්ට දුන් පොරොන්දුවයි.‍