උපනගරාධිපතිධුරය දායන් ලංසාට ?

0
63

2014 වසර මීගමු දේශපාලනය තුල බොහෝ දේ සිදුවන්නට නියමිත වසරකි.ආණ්ඩු පක්ෂයේ මේ සියල්ලේ දුරස්ථ පාලකය ඇත්තේ ඇමති නිමල් ලංසා අතය.
මීගමුව ශ්‍රිලනිප සංවිධායක ඇමති සරත් ගුණරත්නගේ පිළ නියෝජනය කළ මීගමුවේ ප්‍රබලයෙකු වු මීගමුව මහනගර සභාෙව් නියෝජ්‍ය නගරාධිපති සාකවුල්ලා මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් විමට මෙවර නියමිතව ඇත්තේ ඇමති නිමල් ලංසාගේ පුර්ණ ආශිර්වාදය මතය.
එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දාගැනිමේ මෙහෙයුමක් මෙහිදි ක්‍රියාත්මකය.පළමුවැන්න වන්නේ සාකවුල්ලාව කෙසේ හෝ බස්නාහිර පළාත් සභාවට යවාගතහොත් ඉන් හිස්වන උපනගරාධිපතිධුරය සිය සොහොයුරා වන දායන් ලංසා වෙත පිරිනැමිම එක් සැලැස්මකි.
අනික් වන්නේ මුස්ලිම් කොන්ග්‍රසයේ අණසක ගම්පහ තුල බිද දැමිමය.
දැනට බස්නාහිර පළාත් සභාව නිෙයා්ජනය කරන මුස්ලිම් කොන්ග්‍රස් මන්ත්‍රි සාපි රහිම් වෙනුවට සාකවුල්ලා දිනවිම සදහා ඇමති ලංසා ඇතුළු ආණ්ඩු පක්ෂ ප්‍රබලයන් මහන්සි ගනු ඇත.