මිගමුව එළවලු සහ පළතුරු එක්සත් වෙළඳ සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන තරාදි පඩි හා ඉලෙක්ට්‍රෝනික් කිරුම් මිනුම් යන්ත්‍ර ලයිසන් කිරිම පසුගිය දෙසැම්බර්
01 ඉරු දින කාමච්චෝඩය පොළ භූමියේ දි සිදුවිය. එදින පෙ ව 8-00 සිට ප ව 06 දක්වා සියලු වර්ගයේ තරාදි 170 ක් පමණ ලයිසන් කරන ලදි
පොළේ ව්‍යාපාරිකයන් වන මාර්කස් සහ ෆර්හාන් මහතා පවසා සිටියේ
මෙම පොළ ලංකාවේ දිගම පොළ වන අතර මෙහි පාරිභෝගිකයින්ට අසාධාරණයක් නොවන්නටත් මෙම පොළට එන වෙළද මහතුන්ට පොළ භූමිය තුලදිම ලයිසන් කිරිමට අවස්ථාව ලැබුනු බවයි.
ඡායා සහ සටහන සුජාඉල් මුනිර්