2015 බහුජන අරගලය මගහැරපු සජිත් සහ 2022 ඒකාබද්ධ බහුජන පෙරමුණ …

0
187
 
 

ආණ්ඩුව කුමන බාධක දැමුවද හෙට (02දා) සාමකාමී පාගමන පවත්වන බවත්, ඒ සඳහා සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් එම පක්ෂයේ නායක, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා  පැවසු බව අද වෙබ් අඩවිය වාර්තා කර තිබේ

බහුජන සංවිධාන, වෘත්තීය සමිති සහ ජනතාව සමග පැවැත්වෙන පාගමන පිළිබඳ අද (01දා) කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පැවති සාකච්ඡාවත් අතර ප්‍රකාශයක් කරමින් හෙතෙම සඳහන් මේ බව සදහන් කර තිබුණි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස – අපේ රටේ බහුජන සංවිධාන, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති, විවිධ ක්‍රියාකරුවන්, පොදුජනතාව එකතුවෙලා ජනතා නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන පා ගමනක් එල්ෆින්ස්ටන් රඟහල අසල සිට කොටුව දුම්රියපොළ අසල දක්වා ක්‍රියාත්මක කරන්න යෙදෙනවා. මම දැක්කා සමහර අය කියනවා අපි හෙට දවසේ නෑ කියලා.

මම කියනවා අපි හෙට දවසේ ඉන්නවා. වේලාසනින්ම ආරක්ෂක අංශ වලට කියන්න කැමතියි මේක අපේ අයිතිය, මේක රටේ නිදහස, ජනතාවගේ නිදහස අපි ඉතාමත්ම සාමකාමීව කටයුතු කරනවා. කරුණා කරලා ඒක නතර කරන්න ඉදිරිපත් වෙන්න එපා. මොකද අපේ සූදානමක් නෑ නතර වෙන්න.

සජිත් ගේ බහුජන අරගල භාවිතාව ගැන විශේෂ සදහන් කළ නිදහසේ වේදිකාවේ සමාජ ක්‍රියාකාරිකයෙකු මිපුරට ප්‍රකාශ කර සිටියේ 2015 රාජපක්ෂ රෙජිමය පළවා හැරිම සදහා  2009 දි ගොඩනැගුන පුළුල්ම බහුජන පෙරමුණ වු නිදහසේ වේදිකාවට කිසිදු සහයක් සජිත් රාජපක්ෂ විසින් ලබා නොදුන්නා පමණක්  ඇතැම් අවස්ථාවලදි බාධාවන්ද පැමිණ වු බව කියා සිටියේය.

එපමණක් නොව මෛත්‍රි මහින්ද ව්‍යවස්ථා කුමන්ත්‍රණය පරාජය කිරිම සදහා 2018 දි ගොඩනැගුන බහුජන ක්‍රියාකාරිත්වයට පවා සජිත් ප්‍රේමදාසගෙන් කිසිදු සහයක් ලැබුනේ නැත.