2015 දී මෛත්‍රී බලයට පත්කිරීමට ඇප කැපවූ මිලානෝ ශ්‍රී ලාංකිකයින්ගේ විරෝධය.

0
91

කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නැති එමෙන්ම කාගේවත් “ගැත්තන්” “කුක්කන්” “ඉත්තන්” “මැක්කන්”  නොවන දේශපාලකයන් ඉදිරියේ දනින් නොවැටෙන එහෙත් රටේත් ජාතියේත් යහපත අපේක්ෂා  කරන ශ්‍රී  ශ්‍රී ලාංකිකයන්  විශාල පිරිසක් ලෝකයේ විවිධ රටවල ජීවත් වෙති.187454_040844_updates
2015 ප්‍රජාතන්ත්‍රවාදී යහපාලනයක් වෙනුවෙන් මෛත්‍රී බලයට පත්කිරීමට ඇප කැපවී කටයුතු කළ මිලානෝ ශ්‍රී ලාංකිකයෝද එබඳු පිරිසකි. මේ මොහොත වන විට ඒ සියලු දෙනාගේ අප්‍රසාදයටත් ,පිළිකුලටත් ජනාධිපතිවරයා පත්ව ඇත.
එපමණක් නොව එය වහා ක්‍රියාත්මක වන දැඩි වි⁣රෝධයක් බවටද පත්ව ඇත.
එපමණක් නොව ජනාධිපතිතුමා බලයෙන් උමතුව සිය පුද්ගලික ඕනෑ එපාකම් මත ප්‍රජාතන්ත්‍රීය විරෝධී ලෙස තීන්දු තීරණ ගන්නා හා කටයුතු කරන මොහොතක් පාසාම ඊට සමගාමීව  අපගේ විරෝධය වර්ධනය වන්නේය. එපමණක් නොව එය ලැව් ගින්නක් සේ ලෝකය පුරා විසිරී සිට්න ශ්‍රී ලාංකිකයන් වෙත යෑම සහ ගෙනයෑම අබන්ඩව සිදුවනු ඇත.
හොරෙන් ගහන “ගේම්” අප ලඟ නැත.ඒ නිසා ප්‍රසිද්ධි⁣යේ මෙසේ දන්වා සිටිමු.


එස්.ඩබ්.වන්නිආරච්චි – මිලානෝ