මේ දිස්වන්නේ පෝරුතොට ප්‍රදේශයේ ඊයේ (ජනවාරි 02) වනදා වන විටත් ගොඩ ගැසී අඇති කුණු කසල ප්‍රමාණයයි. පසුගියදා අප දළුපත ප්‍රදේශයේද ගොඩගැසී තිබූ මෙවැනිම කුණු කසල ගැන වාර්තා කළෙමු. ක් මීගමුව නගර සභාවේ කුණු එකතු කිරීමේ ප්‍රමාදයක් මේ දිනවල දක්නට ලැබෙන අතර ප්‍රදේශයේ තවත් ස්ථාන රැසක මේ අන්දමේ කුණු ගොඩවල් දකින්නට තිබේ. අවුරුද්ද අවසානයේ කුණු කසල වැඩිවන අතර ඒවා ඉක්මණින් ගෙනයාම සදහා නගර සභාවට වැඩපිළිවෙලක් තිබිය යුතුය. පසුගිය කාලයේ බදුල්ල පස්සර වැනි ප්‍රදේශ වල ඡන්ද ව්‍යාපාර වෙනුවෙන් මීගමුව නගර සභාවේ වාහන මුදල් හා මිනිස් ශ්‍රමය පවා ලබාදෙන්නට තරම් නිර්ලෝභී වූ දේශපාලන නායකයින්ට මීගමුව ප්‍රදේශයේ බදු ගෙවන ජනතාවගේ කුණු කසල පිරිසිදු කරන්නට හැකියාවක් නැති වන්නට නොහැකිය.