2016 වේලාවට වැඩ කල ගුවන්සේවය ශ්‍රී ලංකන්…

0
61

Oneworld Global Airline Alliance ට අයත් ගුවන් සේවාවන් අතරින් 2016 වසරේ හතරවන කාර්තුවේදී පමාවකින් තොරව තමන්ගේ සේවාවන් ලබා දෙන ගුවන් සේවාව බවට ගෝලීය ගුවන් දත්ත අධීක්ෂණ සමාගමක් වන OAG සංවිධානය විසින් නම් කර තිබෙනවා. ලෝකයේ ක්‍රියාත්මක වන ගුවන් සේවා සංවිධාන අතරින් oneworld සැලකෙන්නේ වඩාත් වේලාවට වැඩ කරන සංවිධානයක් ලෙසයි. එම ගුවන් සංධානයට අයත් ගුවන් සේවාවන් විසින් මේ වන විට රටවල් 160ක නගර 1000කට තමන්ගේ සේවාවන් සපයනවා.

ශ්‍රී ලංකන් ගුවන් සේවාව පසුගිය වසර කිහිපයේදීම වේලාවට වැඩ කරන ගුවන් සේවාවක් ලෙස ක්‍රියාත්මක වූ බවත් 2016 අගභාගයේදී ලෝකයට තවත් විශිෂ්ඨ සේවාවක් සපයමින් ඉදිරියට තවත් හොද තත්වයක් ඇති කිරීමට කටයුතු කිරිමින් සිටින බව ශ්‍රීලංකන් ගුවන් සේවාවේ විධායක නිලධාරී කැප්ටන් සුරේන් රත්වත්තේ මහතා පවසා තිබෙනවා.

පසුගිය  වසරේ 4වන කාර්තුවේදී ශ්‍රීලංකන් ගුවන් සේවාවේ පිටත්වීම් හා නැවත පැමිණීම් 90.5%ක් වේලාවටම ක්‍රියාත්මක වූ බවත් වාර්ථා වන අතර 2016 වසර තුලදීම ශ්‍රීලංකන් ගවන් සේවාව නියමිත වේලාවට තම සේවාව සැපයීම සම්බන්දයෙන් 7 වන ස්ථානයේ පසුවී තිබෙනවා. ඒ 85.1% ක් ලෙස ප්‍රතිශතයක් සනිටුහන් කරමින්. (ගුවන් සේවා කර්මාන්තය තුල නියමිත වේලාවට පැමිණීම හා පිටත් වීම  ලෙස හදුන්වන්නේ කාලසටහනේ සදහන් වේලාවට, මිනිත්තු 15ක් වෙනසක් සහිතව තමන්ගේ සේවාව සැපයීමයි.)

srilankan_airlines1