2016 දෙපා ඇලෙන් ගසා කෑ පොහොට්ටු දේශපාලකයා කව්ද ?

0
105
දෙපා ඇලේ බලපෑම නිසා ගංවතුරෙන් අනාථවන පෙරියමුල්ල ජනයා
දෙපා ඇලේ බලපෑම නිසා ගංවතුරෙන් අනාථවන පෙරියමුල්ල ජනයා

මීගමුව නගර සභාව දැන් ක්‍රියාත්මක වන්නේ එය පාලනය පවුල්වාදය තවමත් ඒ තුල තිබෙන ආකාරයෙනි.
2016 වසරේ නගරසභාව විසුරුවා හරින්නට කලින් දෙපා ඇල පිරිසිදු කිරිම කඩිනම් අවැසිතාවයක් යැයි කියමින් විධිමත් ටෙන්ඩර පටිපාටියකින් තොරව අවම තරමින් නිසි ඇස්තමේන්තුවක් වත් නැතිව එක්තරා දේශපාලනඥයෙකුගේ හිතවතෙකුට කොන්ත්‍රාතුවක් ලෙසින් මෙය ලබා දි තිබුණි.
ඔහු එය දැන් නිම කර ඇති බව සදහන් වුවද ඇත්තටම දෙපා ඇල නිසි පිරිසිදු කර ඇතිද යන ප්‍රශ්ණය ඒ අවට සිටින ජනයා පමණක් දනි.මේ අයුරින් දැන් අවස්ථාවන් කියක් නම් මේ මගඩි මගින් සල්ලි හම්බකිරිමට දේශාපලකයන් කටයුතු කර තිබුනේද ?
2016 වසරේදි දෙපා ඇල සුද්ද කරනවා යැයි කියමින් සිදුකරන්නට යෙදුන මගඩිය ගැන කිසිදු විමර්ශනයක් නොකර එවකට කොමසාරිස් ලෙසින් කටයුතු කළ සුදත් කුමාර නැමැත්තා මේ මගඩිකාරයන් මුළු මුදලම ලබා දි තිබුණි.
දැන් සුගත් කුමාරට දෙවනි නොවන අන්දමින් තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරිය මේ මගඩිකාරයන් නලවමින් සිටිති.
ඒ ඇයගේ නැලවිලි වසන් කරගැනිම සදහාය.
අවාසනාව වන්නේ මේවා ගැන කෙලින් කථාකිරිමට දැන් කොන්ද පණ ඇති නාගරික මන්ත්‍රිලා සභාවේ නොසිටිමය.
එබැවින් පොහොට්ටු දේශපාලනය සහමුලින්ම මේ පොලොවෙන් අතුගා දැමිමට දැන් ජනතාවට ඉදිරියේදි ජනවරමක් හිමිව තිබේ.
මීගමුව තුලත් මුලු රටේමත් එක මිටට තබා ගමේ හොරුත් රටේ හොරුත් පරාජය කිරිමේ අරගලය නායකත්වය දිමට මිගමුවේ සියලු ප්‍රගතිශිලි ජනයා පෙරට පැමිණිය යුතුව තිබේ.