2017 ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම ඇතුලත් වන්නේද යන්න පිලිබදව පරික්ෂා කර බලන ලෙසට වන නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව තමන්ගේ ප්රදේශ්යට අයත් ග්රාම නිලධාරීවරයාගෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.slelections.gov.lk. මගින් එය තහවුරු කරගැනීමට ජනතාවට හැකියාව පවතිනවා. ඒ ආකාරයෙන් පරික්ෂා කිරීමෙන් අනතුරුව තමන්ගේ නම ඡන්ද හිමිනාමලේඛනයේ නැතිනම් සැප්තැම්බර් 16 වදාට පෙර ඒ බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දෙන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.