2017 මත්ස්‍ය අපනයනයෙන් ඇ.ඩොලර් බිලියන 15 ක ආදායමක්..

0
88

fish export2017 වසරේ මත්ස්‍ය අපනයනයෙන් රටට ලැබුණු ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 15 ඉක්මවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

පසුගියදා මට්ටක්කුලිය සීනෝර් සී නෝර් පදනමේ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය මේ වනවිට විශාල දියුණුවක් ලබා තිබෙනවා. 2017 අප රටේ අපනයන ආදායමෙන් සියයට 44ක් මුහුදු ආහාර අපනයනයෙන් ලබා ගැනීමට අපිට හැකිවී තිබෙනවා. ඒ වගේම තමයි 2017 වසරේ
මත්ස්‍ය අපනයනයෙන් අප රටට ලැබුණු ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 15 ඉක්මවනවා. අද අපිට අවශ්‍ය වන්නේ ගුණාත්මකභාවයෙන් ඉහළ පළමු කාණ්ඩයේ මසුන් වැඩිපුර ගොඩබිමට ගෙන ඒමයි.

අපේ දිනපතා මත්ස්‍ය අස්වැන්නෙන් සියයට 40ක් පසු අස්වනු නාස්තියට ලක්වෙනවා. කොටින්ම කිව්වොත් ඒ මත්ස්‍ය තොගය මුහුදටත් නෑ. ජනතාවටත් නෑ. අඩුම තරමින් කරවළ සඳහාවත් එම මසුන් යොදා ගැනීමට සුදුසු
නැහැ. ඒ නිසා මේ පසු අස්වනු නාස්තිය වැළැක්වීම අරමුණ බවද අමාත්‍යවරයා පැවසීය.