2024 තානාපති කුසලානය ජපානයට 

0
175

ජපානයේ පැවති තානාපති කුසලාන 2024 (EMBASSY CUP)  ක්‍රිකට් තරඟාවලිය පසුගිය 27 වැනිදා (27/10/2024) නිමාවට පත්විය.. ලොව ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන රටවල් වන, තානාපති කණ්ඩායම් මෙම ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගි වූහ. ඒ අනුව තරඟාලීයේ ජය හිමි වූයේ ජපාන තානාපති කණ්ඩායමටයි.

img 20241029 wa00148864259294298883676
img 20240502 wa003622863218573953317192

               මෑතකදී ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ ජපානය ඉන්දීය හා ශ්‍රී ලංකා තානාපති කණ්ඩායම් පරාජයට පත් කරමින් මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීම විශේෂත්වයකි. මේ අවස්ථාවට ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් වල සියලුම තානාපතිවරුන් , උප තානාපතිවරුන් සහ ජපාන සනෝ නගරයේ නගරාධිපති ඇතුළු පිරිසක් එක්ව සිටියා. එසේම සනෝ නගරයේ ආශ්‍රිතව පදිංචි ලාංකිකයන් , ජපන් ජාතිකයන් රැසක් සහභාගි වූ බවයි වාර්තා වන්නේ.

img 20241029 wa00181315302691416840500
img 20241029 wa00194134048880396812165

      ශ්‍රී ලංකා පුහුණුකරුවෙකු වන සජිත් පතිරණ හා තන තීරු නිර්මාණය කරන්නෙකු වන අසිත විජේසිංහ මේ වන විට ජපානය වත ගොස් එරට ක්‍රිකට්  කණ්ඩායමට උපදෙස් ලබා දෙමින් සිටිනවා. ඒ  ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ අනුග්‍රහයෙන් සහ අවබෝධතා ගිවිසුමකට අනුවයි. මේ සඳහා පූර්ණ අනුග්‍රහය හා ආශිර්වාදය ලබා දෙන්නේ  ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම පිළිබඳ සන්නාම තානාපති ප්‍රියන්ත කාරියක්පෙරුමයි

img 20241029 wa00162011945936051766133

            ජපානයේ  ක්‍රිකට් ක්‍රීඩාව නැන්වීම සඳහා දක්වන අනුග්‍රහය වෙනුවෙන්  ජපාන ක්‍රිකට් සංගමයේ ප්‍රධාන විධායක නිලධාරී ඇලෙක්ස් මියෝජා ඇතුළු  ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයට ,ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ ශ්‍රී ලාංකීය ජනතාවට නිරතුරුව සිය ස්තුතියි පුදකර සිටිනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here