2025 වසරට ”කැල්ටන්” වැඩ අරඹයි

0
255

WhatsApp Image 2025 01 04 at 15.41.23 e0603738

මීගමුව කැල්ටන් ස්විට් හවුස් අනුබද්ධ කැල්ටන් සමූහ ව්‍යාපාරය 2025 නව වසරේ සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළේය. ජනවාරි 01 වෙනිදා පෙරවරුවේ නව අවුරුදු උදාව සනිටුහන් කරමින් මීගමුව පන්සල පාරේ පිහිටි කැල්ටන් සමූහ ව්‍යාපාරීය කාර්යාලීය පරිශ්‍රයේ දී මෙම විශේෂ උත්සවය පැවැත්විණි. එහිදී ආගමික වතාවත් සහ කිරි ඉතිරවීමේ චාරිත්‍ර වලට මුල්තැන දෙමින් මෙම විශේෂ උත්සවය පැවැත්විණි .
නව වසරේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් පැවති මෙම විශේෂිත උත්සවය සඳහා කැල්ටන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මහේෂ් සෝමචන්ද්‍ර ද සිල්වා මහතා ඇතුළු එම ආයතනයේ විධායක ශ්‍රේණියේ ඇතුළු සියලුම කාර්ය මණ්ඩලවල සාමාජික සාමාජිකාවන් සහභාගි වූහ.   WhatsApp Image 2025 01 04 at 15.40.17 321d9dfcWhatsApp Image 2025 01 04 at 22.41.07 52d9291d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here