2040 දී ඉන්ධන මෝටර් රථ තහනම් කිරීමේ තීරණයක්.

0
99

_96837512_mediaitem96836812

වසර 2040 වන විට පෙට්‍රල් හා ඩීසල් ඉන්ධන වශයෙන් භාවිතා කරමින් ධාවනය වන සියළුම මොටර් රථ තහනම් කිරීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා. මේ අනුව ඉදිරියේදී පොසිල ඉන්ධන භාවිතාවන සියළුම මෝටර්රථ  භාවිතයෙන් ඉවත්කෙරෙනු ඇති අතර,ප්‍රංශය මේ තීරණය ගෙන ඇත්තේ වසර 2050 වනවිට සිය රට කාබන් වලින් තොර රටක් කිරීමේ අරමුණින් බවයි වාර්ථා වන්නේ.
ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල් වෙත 2040 වසර වන විට ඉන්ධන භාවිතයෙන් තොර වාහනයක් මිලදීගැනීමට නොහැකිනම් ඒ සදහා ප්‍රංශ රජය සහය දැක්වීමටද බලාපොරොත්තු වන බව සදහන් වනවා.

මීට අමතරව 2022 වනවිට ගල්අගුරු බලාගාරයන් නවතා දැමීමටත් 2025වන විට න්‍යෂ්ටික බලශක්තිය ලාබගැනීම 50%ක් දක්වා අඩු කිරීමට මෙන්ම නව ගෑස් ප්‍රභයන් ගවේෂණය කිරීම සදහා වන බලපත්‍ර නිකුත් කිරීමටත් ප්‍රංශය බලාපොරොත්තු වෙනවා.