ඇමති රාජිතට කඩේ ගිය සිරිමල්ට ධීවර කාන්තාවෝ විරෝධය පළකරති.

0
163

ඉන්දියාවේ අන්දමන් දුපත්වල සිරගතකොටගෙන සිටින ධීවරයින් 06 දෙනා නිදහස් කරන ලෙස ඉල්ලමින් කන්දක=ලිය ප්‍රෙද්ශයේ පැවැති මරාන්තික උපවාසයට සහය දක්වනු පිණිස  මීගමුවේ බහුජන සංවිධානද එක්ව සිටියහ.

විශේෂයෙන්ම එහි පැවති උද්ඝෝෂණ්යට සහය පළකරමින් මීගමුවේ පැවැති විරෝධතාවේදි ක්‍රියාකාරිව මැදිහත්වු සංවිධානයක් ලෙසින් මීගමුව ශ්‍රී විමුක්ති කාන්තා සංවිධානය ප්‍රබල දායකත්වයක් ලබා දි තිබුණි.

මෙම අරගලයට එරෙහිව  ධීවර හා ජලජ සමිපත් අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹදි වි‍ශේෂ මාධ්‍ය සාකච්ජාවක් කැදවා තිබුන අතර එයට ධිවරයන් නිදහස් කරගැනිමේ ජාතික සංවිධයක යැයි  කියාගත් හා මීගමුවෙ සිරිමල් පිංටෝ නැමැත්තාද ඊට එක්ව තිබුණි. ඔහු එහිදි ජාතික ධිවර  සහයෝගිතාවය විවේදනය කරමින් පවසා තිබුනේ මීගමුවවේ ඉන්න ගෑණු තමයි කල්පිටියට ගිහින් උදඝෝෂණය කලේ  ඒ ගැණුම .තමයි මීගමුවේදිත් උද්ඝෝෂණය කරලා තියෙන්නේ යනුයෙන් කරන ලද ප්‍රකාශයට තමන්ට කරන ලද අපහසයක් සේ සලකා මීගමුව ශ්‍රී විමුක්ති කාන්තා සංවිධානය විසින් මධ්‍ය වෙත පුවත්පත් නිවේදනයක් නිකුත්කර තිබේ.

එම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරනය කර සිටි.

ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය 1999 ඉංදියාවෙ සිරගත වූ ධීවරයින් නිදහස් කර ගැනීමේ අරමුනෙන් ඒකරාශී වූ කාන්තාවන්ගෙන් සමන්විත එකතුවකි. 1999 සිට අද තෙක් සුඑපන්න ධීවරයා හා ධීවර කර්මාන්තයේ සුරක්‍ෂිතතාවය හා අයිතිය වෙනුවෙන් ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා බද්ධව ක‍්‍රියාකාරීව දායක වන්නෙමු.

ශී‍්‍ර ලංකාවි සුඑපන්න ධීවරයා හා කර්මාන්තයට අදාල සියඑම ප‍්‍රශ්න හා ගැටඑ වෙනුවෙන් අපි ධීවර සහයෝගිතා ව්‍යාපාරය හා හදවතින් බද්ධවන්නේ ඒවා තුලින් ධීවර අපගේ ජීවිත හා ජීවන මාර්ග යහපත් කර ගැනීම සඳහාය.

පසුගිය 2011-10-28 දින කල්පිටිය කන්දකුලිය ධිවර කාන්තාවන් හා බද්ධව අප සහෝදර ධීවරයින් 06 දෙනෙකු අන්දමන් දූපතේ සිරමැදිරියෙන් නිදහස් කර දන ලෙස ඉල්ලීමක් කරමින් තෙදිනක් තුල සිදුකරන ලද  උපවාසයට සාපේක්‍ෂව සාමකාමී උද්ඝෝෂණයකට අප සංවිධානය මැදිහත් වූයේ ස්වෙචිඡාවෙන් හා හදවතින්ම බව මෙයින් ප‍්‍රකාශ කරමු.

මෙය දරාගත නොහැකිව 2011-10-31 දින ධීවර හා ජලජ සමිපත් අමාත්‍ය රාජිත සේනාරත්න හා බද්ධව ධීවරයින් නිදහස් කර ගැනීමේ ජාතික සමිබන්ධීකාරක යයි කියාගත් හා මීගමුවෙ සිරිමල් පිංටෝ නැමැත්තෙකු පුවත්පත් සාකඡ්චාක් කැඳවා අප සංවිධානයට අපහාසාත්සක අයුරින් නිකුත් කරන ලද ප‍්‍රකාශයට අපගේ විරෝධතාව මෙයින් පල කරන අතර එය ශී‍්‍ර විමුක්ති කාන්තා සංවිධානය ලෙස තරයේ ප‍්‍රතික්‍ෂ්ප කරමු.

අපි ස්වෙචිඡා කාන්තා නිලධාරිනියන් හා සැබෑ ධීවර කාන්තාවන් වෙමු. අද ජාලයේ සෑම කාන්තාවකගේම දුක් වෙිදනා හා අපහසුතා අපගේම බවට අපි සලකන්නේ මෙවැනිම කටුක අත්දැකීමක් 1999 – 2000 අප ලබා ඇති බැවිනි. මෙවැනි අහේතුක චෝදනා ඉදිරියට ගෙනෙමින් ධීවර සහෝදරයින් නිදහස් කර ගැනීමේ වගකීමෙව් රජයට මිදීමට නොහැකි බව අපි ප‍්‍රකාශ කරන අතර, ඒ සඳහා ඉඩ සැලසීමටද අපි අවස්ථාව ලබා දෙන්නෙමු.

ස්ත‍්‍රී දූෂණ චෝදනා ධීවර අල්ලස් ලබා ගැනීමේ චෝදනා වලින්ද පිරිපුන් මෙම පුද්ගලයාට එරෙහි ළමා අපචාර චෝදනාවක්ද මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතී. මෙවැනි පුද්ගලයන් හා ශ‍්‍රී ලංකාවෙ ධීවර අමාත්‍යතුමා එක් වෙදිකාවක වාඩිවී පුවත්පත් ප‍්‍රකාශ නිකුත් කිරීම ලජ්ජා සහගත විහිලුවක් බව අපි විශ්වාස කරමු.

 

මෙය සමස්ත ශී‍්‍ර විමුක්ති කාන්තා සංවිධානය පමණක් නොව මුඑමහත් ධීවර පරපුරටම කරන ලද අභූත චෝදනාවක් ලෙස අපි දකිමු.

මේ සඳහා විද්වත් හා දැනුවත්භාවය සහිත මානව හිතවාදී සියල්ලන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමු.

 

සිරිමල් පිංටෝ ශ‍්‍රී විමුක්ති සංවිධානයෙන් පමණක් නොව සමස්ත ධීවර ප‍්‍රජාවගෙන්ම සමාව ගත යුතු බවට මෙයින් ප‍්‍රකාශ කරමු.

 

 

සමිබන්ධිකාරිකා                                                            ලේකමි

ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය                                 ශ‍්‍රී විමුක්ති ධීවර කාන්තා සංවිධානය