37 වතාවක් ක්‍රිස්තු චරිතයට පණ පෙවූ ‘ඔලිවර්’

0
550
ඡායාරූප- දිල්ශාන් ක්‍රිෂාන්ත
ඔලිවර් ඇම්ඩන් ප්‍රනාන්දු
ඡායාරූප- දිල්ශාන් ක්‍රිෂාන්ත
ඔලිවර් ඇම්ඩන් ප්‍රනාන්දු
ඡායාරූපය- දිල්ශාන් ක්‍රිෂාන්ත

අතීතයේ සිට වර්ථමානය දක්වා කිතු බැතිමතුන් අතර ජනප්‍රියත්වයට පත් වු කලා මාධ්‍යක් ලෙස පාස්කු දර්ශනය හැදින්විය හැක. පාස්කු රඟදැක්වීමේදී  ක්‍රිස්තු චරිතය අනෙකුත් චරිත  අභිබවා ප්‍රේක්ශකයින් ඇදගනී. පුරා වසර 33ක කාලයක් 37 වතාවක් ක්‍රිස්තු චරිතයට පනපෙවු, 1983 වසරේ ප්‍රසිද්ධ නලු නිලියන් සමග  “ජයතු  ක්‍රිස්තු”  ටෙලි නාටයකයට ක්‍රිස්තු චරිතයට දායක වීමට වරම් ලත් වත්ත වඩුගේ  ඔලිවර් ඇබ්ඩන් ප්‍රනාන්දු මහතා  මීගමුව පෝරුතොට  ගම්මානයේ ධීවර පවුලකින් උපත ලැබූවෙකි. මේ වන විට ඔලිවර් ඇබ්ඩන් ප්‍රනාන්දු මහතා   67 වන වියේ පසුවෙමින්  තම සැදැ සමය ගෙවමින් සිටි. පහත පළවන්නේ ඔහු සමඟින් කරන ලද පිළිසඳරකි.
උපත: 1947 ජූලි මස 30  වන දින මවගේ නම : වර්ණකුලසූරිය ගුස්තිනා තමෙල්
පියාගේ නම :වත්ත වඩුගේ  ඇලෝසියස් ප්‍රනාන්දු පල්ලන්සේන රෝමානු කතෝලික ප්‍රාථමීක පාසලන්  අධයාපනය ආරම්භ කර  කොච්චිකඩේ පාසලෙන්   4 ශ්‍රේණියට මීගමුව මාරිස්ටෙල්ලා විදුහලට ඇතුලත් වී පසුව 8 වන ශ්‍රේනියට කුරුනෑගල සාන්ත ආනා විදුහලේ නේවාසිකව අධ්‍යාපනය ලැබුවේය. අවසානයේ පෙරියම්මුල්ල ලොයොලා විදුහලෙන් අධයාපනය හමාර කලේ 1966 වසරෙදීය. 1970 මැයි මස 16 වන දින කුරුකුලසුරිය ග්ලැඩිස් මර්සි ප්‍රනාන්දු යන අය සමග ගරු අර්නස්ට් පොරුතොට පියතුමාගේ ආශිර්වාදයෙන් යුග දිවියට එලඹිනි.
රංගනයට මුල පිරුවේ කවද්ද කියලා ඇහවොත්?
පාසල් කාලයේදි,  1953 පාසලේ වේදිකාගත වුනු කුවේනී නාටකයේ විජය චරිතයට තමා පළමුවෙන්ම රඟපාන්න අවස්ථාවක් ලැබුනේ.
එතකොට විජය චරිතයෙන් පස්සේ කලා ජිවිතය ගැන පොඩ්ඩක් සඳහන් කළොත් ?
 1966 මව්පිය  දිනය වෙනුවෙන් එලිදැක්වු “ජුලියස් සීසර්”   ඉංග්‍රිසි නාටකයේ ජුලියස් සීසර් චරිතයටද  1974.12.27 දින වින්සන් ෆොන්සේකා අධයක්ෂනය කළ කොච්චිකඩෙ නගර සභා ශාලාවේ “සීසර් පලිගනී”  නාටකයේ මහ   ඇමති ලෙසද , 1976 පෙබරවාරී මස කොට්ටාරමුල්ල අල්හිරා මහා විදුහලේ රග දැක්වු 10748848_808034359219157_1346413115_n “යාර් සේද කොල්ලෙයි”(කවුද මරනය සිදු කලේ )යන දමිල නාටකයේ ප්‍රධාන චරිතයට  රග දැක්වූවා. ක්‍රිස්තු චරිතයට රඟපෑම ආරම්භ කළේ කුමන අවුරුද්දේද ?
1976 පල්ලන්සේන පාස්කු මඩුවේ දවස් 4ක් තිරගත වුනු “පිලාත්ගේ නඩු තීන්දුව” තමා පළවෙනියටම ක්‍රිස්තු චරිතයට රගපැවේ. ඊට පස්සේ 1977 අයෙත් එම නමින්ම ප්‍රෑන්ක් පෙරේරාගේ අධ්‍යක්ෂනය යටතේ දින 6ක් රරඟපැවා.ආයෙත් “1978 පිලාත්ගේ නඩු” තීන්දුව දින 10 රගදැකූනා.
පාස්කු වේදිකාවෙන් එහා රංගනයට දායක් වුනා කියලත් ආරංචියි ? 1976 අගෝස්තු 29 ඇලෝයි හලහකෝන් මහතා අධ්‍යක්ෂනය කළ “පුංචි ගෙදර” නාටකයේ ප්‍රධාන චරිතයද එම වසරේම දෙසැම්බර් මාසයේ බොලැල්ල YMBA  ශාලාවේ රග දැක්වු සරත් විජේරත්න නිෂ්පාදනය කළ “දි දස්කොන්”  නාටකයේ ටැෂ්ටවෝල් ගේ චරිතයට ආයේ 1977දි මීගමුව පුරහලේදි 1978 පෙබරවාරි වල කොච්චිකඩේ වෙදිකාගත වුනා. බර්ට්‍රිම් නිහාල් නිෂ්පාදනය කල “සිව්පා” නාටකයේ ගොවිපලේ අයිතිකරුගේ චරිතය කරා ඒක කොලඹ ලුම්බිනියේ 1978 දි අයේ 1979 කුරුනැගල,  ඒ වසරේම පොල්ගහවෙල වේදිකාගත් වුනා.
ජාතික රූපවාහිනියේ ජයතු ක්‍රිස්තු ටෙලි නාටකය ජෙසුගේ චරිතයට පනපොවනවා ඒ අවස්තාව ගැන  සදහන් කලොත් ?
1983 ජාතික රූපවාහිනි සංස්ථාව නිෂ්පාදනය කලේ  බ්‍රර්ට්‍රිම් නිහාල් අධයක්ෂනයක්. 1983 අප්‍රියල් පලවෙනිදා විකාශනය වුනා. 1984 ආයේ 1987 ඇල්ප්‍රඩ් ර්. ප්‍රනාන්දු මහතා නිෂ්පාදනය කල නාසරෙත් හි ජෙසුස් පාස්කු නාටකයේ ක්‍රිස්තු චරිතය රගපානවා.1987 කොච්චිකඩේ නගර සභා ශාලාවේ වේදිකාගත වුනු “ජය ශ්‍රී මහ රජ”  එහි වීරයගේ  චරිතයට රගපානවා. 1988 කල්පිටිය කටු ඔටුන්න නමින් පාස්කු නාටකය රගපැවා. එකම ආයේ  1992  , 1993 වේදිකා ගත වුනා. 1989  මාර්තු වල කොලඹ ටවර් හෝල් එකේ “ජීවන අසපුව”  එකෙත් ජෙසුගේ චරිතය ඒක මියුලන් සපරමාදු අධයක්ශනය කලා. 1990 , 1991  රේමන් පීරිස් මහතගේ අධයක්ශනය යටතේ “නාසරෙත් හී ජෙසුස්”   පල්ලන්සේනදි එලිදැක්වුවා.  ආයේ 1996, 1998  පල්ලන්සේනේ “නසරෙත් හී ජෙසුස්” වේදිකා ගත වුනා. 2001  මීගමුව කොටුව පිට්ටනියදි “විමුක්තිදායකයාණෝ” නමින් රේමන් පීරිස් මහතා    අධයක්ෂනය කල නාටකයේ ජෙසුගේ චරිතය  වේදිකා ගත වුනා.
අන්තීමට රඟපාන ලද පාස්කු නාටකය ගැන සදහන් කලොත් ?
2008 කුලියපිටියේ වේදිකා ගතකල “පාස්කු දුක්ඛෝත්සවය ” නටකයේ තිර රචනය  අධ්‍යෙක්ෂනය කළා. 2008 දී රූපවාහිනී සංස්ථාව නිෂ්පාදනය කල “සුචරිත”  ටෙලි නාටකයේ  වී මෝල් හිමියාගේ චරිතයට රගපානවා.2009 ඒත් රූපවාහිනි සංස්ථාවේ “පිලාත්”  ටෙලි නාටකයේ ජෙසුගේ චරිතයට රගපැවා. 2009 පල්ලන්සේන “නාසරෙත් හී ජෙසුස්”  දින දෙකක් වේදික ගතකළා. ඒ තමා අවසාන රඟපාන ලද පාස්කු නාටකය. ඊට පස්සේ පල්ලන්සේනේ, මුන්නක්කරය,උස්වැටකෙයියාව 2010,2011,2012 වසර වල පාස්කු නාටය  අධයක්ෂනය කළා. 1978  මාර්තු 10 දින සිට දවස් 10 ඉදිරිපත් කළ පිලාත්ගේ නඩු තීන්දුව නාටකයේන් අවසාන දිනයේ මා කතා කිරීමට නොහැකිව ගොලු වෙනවා.පසුව මාගේ පවුල හා මිත්‍ර නෑ හිතවතුන් සභාවේන් පිටට මාව යොමු කරන්නට යන විට මා දන්වා සිටියේ ගොලුවෙක් වගේ සිටීම ස්වාමින් වහන්සේගේ කැමැත්ත නම් එය සිදුවේවා ලෙසයි. පසුව තේවත්ත බැසිලිකාවේ රෝගින්  ආශිර්වාද කල ගරු සොයිසා පියනමගේ ආශිර්වාදය තුල එක් දිනක් උදැසනම මාගේ බිරිද කාමරයේ දොරත් විවෘත කරනවා සමගම මගේ මුවින් “ඉරත් පායලා” වදන් පිටවුණා. නැවත මා කතා කරන්නට ගත්තා.
සටහන
පසුව සැම වසරකම පාස්කු කාලය තුල එක්වරුශීලය රැකීම ඔහුගේ පුරුද්දක් විය. ජේසුගේ චරිතය රගපැමට ඔහූගේ ස්භාවික රැවුල හා කොන්ඩය විශේශ ලක්ෂනයක් විය.ගොඩාක් කෙනෙහිලිකම් හා ප්‍රතික්ශේප කිරීම් මධ්‍යයේ වුවද වසර 37 අධික කාලයක් පාස්කු රංග කලාවට සුවිශේෂී මෙහෙවරක් ඉටුකලේය. ජෝ පැල්මට් රොබින්සන්, ග්ලැසිඩස් ඔලන්කා හා ජුඩ් ඔලින්ටන්  යන රටට ,සමාජයට  ඵලදායි දූ පුතුන් තිදෙනෙකු මෙලොවට දායාද කොට  ඔලිවර් මහතා  තම බිරිද සමග සැදැ සමය ගතරයි. මේ වන විට 67 වන වියට පා තබා ඇති ඔලිවර් මහතා පවසා සිටියේ ලබන වසරේද නැවතත් ජෙසුගේ චරිතයට    රගදැක්වීමට අදහස් කරන බවයි. ඔහුගේ මෙම ධෛර්යවන්ත කම අගය කළ යුතුමය. රටක් බැබලුවු මෙම ගමේ තලෙන්තුව තවමත් නිසි උපහාරයකට ලක් වී නොමැති බවයි මගේ අදහස. ඔහුගේ ඉදිරි වැඩකටයුතු වලට සුභ පතමින් සුවදායි ජිවිතයක් ගත කිරීමට ඔබෙත් මගෙත් ප්‍රාර්ථනා.

සාකච්ඡා සටහන – දිල්ශාන් ක්‍රිෂාන්ත

drama-christhu charithaya - oiver fdo10711372_808034379219155_447296866_n

වීඩියෝව – දිල්ශාන් ක්‍රිෂාන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here