ඌරු මස් උගුරේ හිරවි වෙන්නප්පුවේ අයෙකු මිය යයි ?

0
70

fork issueදිවා ආහාරය ගනිමින් සිටි සත්දරු පියෙක් ඌරු මස් කැබැල්ලක් උගුරේ හිරවිමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි වර්ණකුලසූරිය ජෝශප් පිටර් ප්‍රනාන්දු 69 නැමති අයෙකි ඉකුත් ඉරිදා තම නිවසේ අයත් සමග දිවා ආහාරය ගනිමින් සිටින අතරතුර මස් කැබැල්ලක් උගුරේ හිරවී හුස්ම ගැනිමට අපහසු තත්වයක් ඇතිවීම නිසා මාරවිල රෝහලට ගෙනයන විට මියගොස් ඇති බව පොලිසිය කීය උගුර හා ගලනාලය අශ්‍රිතව එම මස් කැබැල්ල හිරවි තිබිම නිසා රෝහලට ඇතුල් කරන විටත් එම පුද්ගලයා මියගොස් සිටි බව රෝහල් අරංචි මාරග පැවසිය උප පොලිස් පරික්ෂක රාජපක්ෂ සැරයන් 57475 පෙරේරා යන නිළධාරින් මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කර තිබේ
වෙන්නප්පුවේ  ලංකාදීප වාර්චතාකරු චන්දන ප්‍රනාන්දු ෙග්  මුහුණු පොතෙනි.