5 වෙනි ආසියානු පිහිණුම් තරගාවලිය නියෝජනය කරන ශ්‍රිලංකා කණ්ඩාමේ උපනායකත්වය මාරිස්ටෙලා විදුහලේ දිනෙත් සංජුලට !

0
173

 

දිනෙත් 1අපොස ස/පෙල විභාගයෙන් ලංකාවෙන් 7 වැනි තැන ගත් දිනෙත් සංජුල ජයකොඩි මීපුර වෙබ් අඩවිය වෙත විශේෂ ප්‍රකාශයක්  කරමින් එදා කියා සිටියේ සිය ක්‍රිඩා ජිවිතයත් ඉගෙනිමත් සමබර ලෙසින් කළමණාකරණය කරගන්නට තමන්ට හැකි වු නිසා තමන්ට මෙවැනි ජයක් ලබන්නට හැකි වු බවය.
එහි යළි යළිත් සනාථ කරමින් 5 වෙනි ආසියානු පිහිණුම් තරඟාවලියේ ශ්‍රිලංකා කණ්ඩාමේ උපනායකත්වය දරන්නට දිනෙත් සුදුසුකම් ලබා තිබිම මීපුර අප මේ සටහන තබන්නේ ඔහුට ඉමහත් අදාරයෙන් සුභපතමිනි.
මෙවර මෙම තරගාවලිය මැයි 24-31 දක්වා ඉන්දුනිසියාවේදි පැවැත්විමට නියමිතය.
මේ පුවත රැගත් කෙටි පණිවිඩය අප වෙත එවා තිබුනේ මාරිස්ටෙලා විදුහලේ විදුල්පති සුනන්ද ගරු සහෝරතුමන් විසිනි.
දංකොටුව ගෝනවිල සිය ග්‍රාමය කරගත් දිනෙත්ගේ විශේෂත්වය වන්නේ ක්‍රිඩාවෙන් දියත ජයගෙන අධ්‍යාපනයෙන් රට ජයගන්නට තරම් දස්කමක් කර තිබිමයි.
සිය දෙමව්පියන් ඒ අභියෝගය නිසි ලෙසින් කළමණාකරණය කරගැනිමේ අත්දැකිම රටට ඉතිරිකර තබන්නේ අළුත් පණිවිඩයකි.
මීපුර වෙබ් අඩවිය ඔස්සේ එදා  දිනෙත්ගේ පියා විසින් අවධාරණය කරන්නට යෙදුනේ දෙමව්පියන්ගේ නිසා කළමණාකාරිත්වය නිසා රටට අහිමි වන්නට ගිය දක්ෂ ක්‍රිඩකයෙකු රැකගන්නටද ඔවුනට හැකිවු බව කියමිනි.බොහෝ දෙමව්පියන් විභාගය වෙනුවෙන් සිය දරුවන් ක්‍රිඩාවෙන් ඉවත් කරගත්තද සිය බිරිඳ හා එක්ව දිනෙත්ගේ අනාගතය සම්බන්ධයෙන් අභියෝගයක් භාර ගත් බවත් අද ඒ අභියෝගය ජයගන්නට හැකිව තිබුන බවත් අවධාරණය කර සිටියේය.

දිනෙත්ගේ මව සහ පියා

;