55 ක් හිටපු ලියනගෙමුල්ලේ බෝඩිමක 19 කටම කොරෝනා ආසාදනය වෙලා …

0
87

1595855439-Corona_Positive_L( 8.20 am ) කොරෝනා වසංගත තත්වය දෙවන වරට රැල්ලක් මෙන් පැතිර යන්නට පටන් ගත් විට එයට වැඩිම ගොදුරු වු පිරිස වුයේ ඇගලුම් කම්හල් වල සේවය කරන පිරිස්ය.
මේ බහුතරයක් දෙනා සිටින්නේ සෞඛ්‍ය සම්පන්න ලෙසින් මේ වෛරසෙයෙන් බේරි කටයුතු කිරිමට තරම් පහසුකම් නැති නේවාසිකාගාර වලය.
නිසි ලෙසින් වැටුප පවා නොලැබෙන ඔවුන්ට කන බොන එක පවා බරපතල ප්‍රශ්ණයක් ව තිබේ.
මේ පසුබිම තුල තවත් කණගාටුදායක පුවතක් ලියනගෙමුල්ල  ප්‍රදේශයෙන් වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි ඩාබිදු සාමුහිකයේ ක්‍රියාකාරිණියක වන චමිලා තුෂාරි මෙසේ පවසා පවසන්නට යෙදුනි.

”මෙම නේවාසිකාගාරයේ සේවකයන් 55 දෙනෙක් සිටි බවත් මේ වෙනකොට 19 දෙනක් positive වී ඇති බවත්, දැනට 36 දෙනෙක් නේවාසිකාගාරයේ නිරෝදායනය වන බවත් පොලීසිය සහ PHI අද උදෑසන අප සමග ප්‍රකාශ කළා.

ඒ වගේම පොලිසිය මේ මස මුලදී ඔවුන්ට ආහාර ද්‍රව්‍ය සැපයු බව ප්‍රකාශ කළා . එමෙන්ම සේවකයනුත්, පොලීසියත් PHI මහතා ත් මෙම සේවකයන්ට යම්කිසි උදව්වක් කළ හැකිදැයි අපෙන් විමසා සිටියා . ඒ අනුව ඉරිදා දින වන විට අප මෙම සියලුම සේවකයන්ට අවශ්‍ය බඩු මල්ලක් ලබා දීමට කටයුතු කරන්න ට අපි එකග උනා.ඒ අනුව ඉරිදා දින වන විට එම සේවකයන්ට එම උදව්ව සිදු කරන්නවා” යැයි පවසා සිටියේය