ධිවරයන්ද ඇතුළු බහුතරයක් දෛනික ආදායම් ලාභි කොටස් දැන් පත්වෙමින් ඇත්තේ හාමතේ ලගින තත්වයකටය.
නිවෙස්වලටම වි සිටින්න යැයි උපදෙස් දුන්නද අවැසි ආහාර පානය සපයා ගන්නට විධිමත් වැඩපිළිවෙලක් ක්රියාත්මක නැති බව මිගමුවේ ප්රදේශ ගණනාවකින්ම වාර්තාවේ.
පසුගිය කාලය තුල ආසාදිත රෝගින් බහුතරයක් වාර්තාවි තිබුනේ වෙරළ බඩ කලාපයට අයත් ප්රදේශවලිනි. ඒ අනුව විධිමත් සැලැස්මක් යටතේ එකි කලාප පමණක් හුදකලා කොට රෝගින් වාර්තා නොවුන ප්රදේශ නිදහස් කරන්නේ නැත්තේ මන්දැයි බහුතරයකගේ අද වන විට මුවඟ රැදුන ප්රධානතම ගැටළුවයි.
එහෙත් අවාසනාව වන්නේ මේ යථාර්ථය මිගමුව ගැන හරි හැටි නොදන්නේ ක්රියාන්වින්තයේ නිළධාරින් හට කියා දෙන්නට කව්රුන් හෝ මිගමුවේ ජනයා වෙනුවෙන් නැතිවිමය