64 වෙනි මානව හිමිකම් දිනය සමරති.

0
125

Negombo-news ජනතා පරමාධිපත්‍ය සහ මානව හිමිකම් යන්න තේමා කරගනිමින්  64 වෙනි මානව හිමිකම් දින සමරැම වෙනුෙවන් නිදහසේ වේදිකාව විසින් සංවිධානය කර තිබු සම්මන්ත්‍රණයක් අද උදේ වරුවේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.මෙහි කතිකයන් ලෙස  රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ.ඩබ්ලිව් ජනරංජන,රයිට්ස් නව් මානව හිමිකම් ආයතනයෙේ අධ්‍යක්ෂක නිතිඥ සුදර්ශන ගුණවර්ධන,ඉමාඩාර් සංවිධානයේ සභාපති ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු ,විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂක ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු .නව වාමාංශික පෙරමුණේ ආච්ාර්ය වික්‍රමාබාහු කරුණාරත්න ,සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සභභාගි විය.