දෙවලපොල ආයුර්වේද මධ්‍යම ඛෙහෙත් ශාලාවට එන රෝගීන්ට ඉඩ කඩ මදිකමින් රෝගීහු දැඩි අපහසුතාවයක

0
320

IMG_20180423_104307  දෙවලපොල ආයුර්වේද මධ්‍යම ඛෙහෙත් ශාලාවේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා යන රෝගීන් දැඩි දූෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදූවන බව රෝගීහු පවසති.
මෙලෙස දූෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදූවන්නේ මිනුවන්ගොඩ ප්‍රදේශිය සභාවට අයත් දෙවලපොල ප්‍රදේශිය උප කාර්යලයට අනුබදධ ආයුර්වේද  මධ්‍යම ඛෙහෙත් ශාලාවට පැමිණෙන රෝගීන්ය
දක්ෂ වෛද්‍යවරුන් ෙවෙද්‍ය ප්‍රතිකාර කරන නිසා දිනකට ප්‍රතිකාර ගැනීම සඳහා සියයකට අධික රෝගීන් පිරිසක් මෙම මධ්‍යස්ථනයට පැමිණෙන බැවින් එම ගොඩනැගිල්ලේ නිසි ඉඩ පහසු කම් මදිකම නිසාත් ස්නායු රෝගින් පීනස් රෝගින් , හන්දිපත් වේදනා ඇතුළු නිදන් ගත රෝග සඳහා වෛද්‍ය මධ්‍යස්ථනය තුලදීම විවිධ ප්‍රතිකාර ක්‍රම රෝගීන්ට ලබා දෙන බැවින් එයට අවශ්‍ය උපකරණ අබලන් තත්වයේ පවතින බවත් තිඛෙන උපකරණ නිසි අයුරින් තබා ගැනීමට ක්‍රමවත් ඉඩ පහසු කම් නොමැති කම නිසා ප්‍රතිකාර කිරීමට වැඩි කාලයක් ගතවන බවත් එහි ප්‍රතිකාර ගැනීම සදහා පැමිණි රෝගීන් පැවසීය.
සිද්ධීය සම්බන්ධයෙන් එහි සිටින වෛද්‍ය වරියෙකුගෙන් විමසු විට වෛද්‍යවරිය  ප්‍රකාශ කර සිටියේ දිනකට රෝගීන් විශාල සංබ්‍යවක් ප්‍රතිකාර ගැනීම සඳහා මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණෙන බවත් පැමිණෙන රෝගීන් සංබ්‍යව අනුව මෙම වෛද්‍ය මධ්‍යස්ථානයේ සිටින වෛද්‍යවරුන් හා කාර්ය්‍යමංඩලයේ පවතින හිගය නිසා රෝගීන්ට ප්‍රතිකාර කිරීෙමිදී වෛද්‍යවරුන් දැඩි දූෂ්කරතාවයන්ට හා අපහසුතාවයන්ට මුහුණ දීමට සිදූවන බවත් මෙම වෛද්‍ය මධ්‍යස්ථානයට නිත්‍ය වෛද්‍යවරියක් හා කාර්ය්‍ය මංඩලයට වෛද්‍ය සහයිකාවක් ලබා දෙනවානම් මෙහි පැමිණෙන රෝගීන්ට අපහසුතාවයකින් තොර වෛද්‍ය ප්‍රතිකාර කිරීමේ හැකියාවක් ඇති බවයි. IMG_20180423_104307