මීගමුවේ කසල බැහැර කිරිම දැන් අර්බුදයකට යෑමෙන් පෙනෙන්නේ එකි අරමුණ ඉටු කර ගැනිම සදහා වු යාන්ත්‍රණය දැන් මීගමුව මහනගර සභාව තුලදි අවුලට ගොස් ඇති බවය.මේ සියල්ලේ අවසන් වින්දිතයන් බවට පත්විමට සිදුව ඇත්තේ මේ මහනගර සභාවේ නඩත්තුව වෙනුවෙන් බදු ගෙවන ජනයා හටය.
වසර 2003 දක්වා කොච්චිකඩේ නාගරික බලප්‍රදේශයේ කසල බැහැර කිරිම සිදුකරන ලද්දේ නගර සභා කම්කරුවන් විසිනි.එහෙත් 2003.01 .15 දින සිට කසල බැහැර කිරිමේ කටයුත්ත ටෙන්ඩර් කරනු ලැබු අතර ඒ වෙනුවෙන් ඉදිරිපත්ව සිටි සමාගම් දෙක අතරින් වැඩිම මිළ සහ අඩු සුදුසුකම් සහිත කොම්පැණියක් වෙත ටෙන්ඩර් දිමට නිව්ටන් හෙන්රි මහතාගේ නගරාධිපති පාලනය විසින් එදා කටයුතු කළේය.
අබාන්ස් එනවයරමන්ටල් සර්විස් පුද්ගලික සමාගම විසින් මසකට රු 4.23.000 ක් ලෙසින් සදහන් කර තිබුන ටෙන්ඩරය පසෙකලා ඇක්මි සමාගම විසින් මසකට රු 5.55.998 ලෙසින් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් පිළිගනිමින් වසර දෙකක් සදහා බදුදිමට මීගමුව මහනගර සභාව තිරණය කළ අතර එවකට පොදු පෙරමුණ පාලනයේ විපක්ෂ නායකවරයා වු ඇන්ටනි නිමල් ලංසා මෙහිදි මේ ටෙන්ඩර් මගඩිය වෙනුවෙන් ගත්තේ බදු ෙගවන ජනතාවගේ පැත්ත නොවේ. නිව්ටන් හෙන්රිලාගේ පැත්තය.
මේනිසා මසකට මහනගර සභාවට සිදුවු පාඩ ව වැට් රහිතව රු 1.32.998 ක් විය.වසරකට රු 15 .58.886 වසර 3 ක් සදහා රු 47.87.658 කි. මේ සදහා වැට් බද්ධ එකතු කළ විට රු ලක්ෂ 55 ඉක්මවනු ඇත.
(නිමල් ලංසා විපක්ෂ නායක ලෙසින් ඔහුෙග්ම පක්ෂයේ ඇතමෙක් විරුද්ධ වෙද්දි නිව්ටන් හෙන්රිගේ කරට අතදාගත්තේ ඇයි??
එකම හේතුව නම් තමන් විපක්ෂයේ සිටියද හැකි වැදගත්ම ටෙන්ඩර් ටික ඔහුට සහ ඔහුගේ පවුලේ අයට ලබාගැනිමය.මීගමුව වෙරළ උද්‍යානය නිමල් ලංසාඅමැතිවරයාගේ පවුල් දේශපාලනයේ තනි බූදලයක් වන්නේ මේ අනුවය.
එදා සිට අද දක්වා ඇක්මි අයිතිකරු කුණු ටෙන්ඩර්යේ හිමිකරුය.(ජෙයාරජ් ඇමතිවරයාගේ පිරිසක් ටික කාලයක් මෙය කරගෙන ගොස් තිබුනද ඒ ඉතා කෙටි කාලයකටය.)නිමල් ලංසා ඇමතිවරයාෙග් පියාණන් වෙරළ උද්‍යානයෙ ් ටෙන්ඩර් හිමකරුය.
මේ සියල්ල යටින් ඇත්තේ කුණු දේශපාලනය නොවේද..??)
මේ පැහැදිලි පාඩුව ගෙවන ුලැබුවේ නිමල් ලංසා වත් නිව්ටන් හේන්රිවත් නොවේ.මීගමුවේ බදු ගෙවන ජනතාව විසිනි.මේසා විශාල පාඩුවක් විදගෙන කසල ඉවත් කිරිම වෙනුවෙන් අඩු අත්දැකිම් ඇතිඇක්මි ආයතනය වෙත භාර දෙන්නට බලපාන ලද අප දන්නා එකම හේතුව වුයේ මීගමුව එජාප නායකයෙක් එම ුආයතනය හා තිබුණු කිසියම් වෘත්තිමය බැදිමකි.
ඒ වෙනුවෙන් මීගමුවේ ජනතාවට මසකට විදින්නට සිදුවු පාඩුව රු 1.32.998කි.
නිසි පාලනයක් හෝ ප්‍රමිති ගණනයක් නැතිනම් ටෙන්ඩර්කරුවාගේ එකම අරමුණ වන්නේ සිය ලාභය වැඩිකිරිම සදහා හැකි තාක් අඩුවෙන් වියදම් කිරිමටය.ඒ අනුව කසල බැහැර කිරිමෙන් අනතුරුව බොරළු ඇතිරිම හැකිතාක් අවම කරති. මින් සිදුවන්නේ ප්‍රදේශය පුරා දුගද පැතිරි මැසි මදුරු උවදුරු ඇතුළු සකලවිධ සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්න ඇතිවිමයි.
2012.11 .26 වනදා කොච්චිකඩේ ජනාතාව උද්ඝෝෂණයේ යෙදෙන්නේ 2003 වසරේ සිට වසර 9 ක පුරා මුහුණ දුන් ප්‍රශ්ණය තරම පාරටම පැමිණ මීගමුවේත් රටේත් පාලකයන්ට කණ් පැලෙන්නට කියන්නටය.
එජාපයේ පිහිටෙන් සහ නිමල් ලංසා ප්‍රමුඛ විපක්ෂයේ පුර්ණ ආශිර්වාදයෙන් ටෙන්ඩර්ය ගත් ඇක්මි සමාගම අද දක්වා ( අද දිනයේ සෙවන් හිල් යන නාමය වැඩිපුර භාවිතා වුනද )කොච්චිකඩේ නගාරික බල ප්‍රදේශයේ පමණක් නොව මේ වන විට කාමච්චෝඩේ ප්‍රදේශයේද කුණු කසල ඉවත් කිරිමේ ටෙන්ඩරය ලබාගන්නට තරම් වාසනාවන්ත වි ඇත.
නගර සංවර්ධනය යනු තමන්ට ගාන කැපෙන ටෙන්ඩර් කරණය යැයි සිතා සිටින මේ දේශපාලකයන් නීතිය හමුවට ගෙනඒමට කොච්චිකඩේ ජනතාව පියවර නොගන්නේ ඇයි..???
එහෙත් හැමදාම අවාසනාවන්තයන් වි ඇත්තේ මේ දෙපක්ෂයම මාරුවෙන් මාරුවට බලයට ගෙන ආ ජන්ද දායකයන්ය.
[…] කොච්චිකඩේ ඔවිටියාවත්ත නම් ප්‍රදේශයට , පිට පළාත් වලින් කුණු කසල මහා පරිමානයෙන් බැහැර කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාව විසින් 2012 වසරේදී විරෝධතාවයක් දක්වා එම ක්‍රියාවලිය නවත්වාලන ලදී. ඉන් පස එම ස්ථානයට පිට පළාත් වලින් අපද්‍රව්‍ය ගෙන ඒම නවත්වන ලදී. මෙසේ තිබියදී අද දින එම ප්‍රදේශයට නැවතත් කුණු බැහැර කිරීමේ රථ දෙකක් පැමිණ ඇති අතර එම අපද්‍රව්‍ය වල තිබී ඇත්තේ ඝාතනය කරන ලද කුකුල් සම් හා ඉවතට දමන සත්ව කොටස් බව වාර්තා වේ. මේ අවස්තාවේදී මෙම ස්ථානයට රැස්වී ඇති ඕවිටියාවත්ත ප්‍රදේශයේ ජනතාව මෙම කුණු එම ප්‍රදේශයට බැහැරකිරීමට විරෝධය දක්වා ඇති අතර පසුව එම ස්ථානයට කොච්චිකඩේ පොලීසිය ද පැමිණ වාහන වල රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම රථ දෙකෙන් එක් රථයක් මීගමුව නගර සභාවට අයත් බවද එහි ජූඩ් නමැති රියදුරකු සිටි බවද ජනතාව පවසයි. මෙම විරෝධය දැක්වූ ජනතාව විසින් ‘ මේවා ගෙනාවේ කාගේ අණකටද කියා විමසූ විට එම රියදුරන් පවසා ඇත්තේ නාගරික මන්ත්‍රී දයාන් ලංසා ගේ අන පරිදි තමන් මෙම කුණු ගෙන ආ බවයි. මෙම අපද්‍රව්‍ය පිට ප්‍රදේශ වලින් පටවාගෙන ආ ඒවා බවද ප්‍රදේශවාසීන් පවසති. මේ වන විට රියදුරන් දෙදෙනා කොච්චිකඩේ පොලීසියේ සිටින අතර ඔවුන්ගේ කටඋත්තර ගෙන නොමැති බව ද වාර්තා වේ. http://www.meepura.com/stories/6693 […]
[…] කොච්චිකඩේ ඔවිටියාවත්ත නම් ප්‍රදේශයට , පිට පළාත් වලින් කුණු කසල මහා පරිමානයෙන් බැහැර කිරීම සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාව විසින් 2012 වසරේදී විරෝධතාවයක් දක්වා එම ක්‍රියාවලිය නවත්වාලන ලදී. ඉන් පස එම ස්ථානයට පිට පළාත් වලින් අපද්‍රව්‍ය ගෙන ඒම නවත්වන ලදී. මෙසේ තිබියදී අද දින එම ප්‍රදේශයට නැවතත් කුණු බැහැර කිරීමේ රථ දෙකක් පැමිණ ඇති අතර එම අපද්‍රව්‍ය වල තිබී ඇත්තේ ඝාතනය කරන ලද කුකුල් සම් හා ඉවතට දමන සත්ව කොටස් බව වාර්තා වේ. මේ අවස්තාවේදී මෙම ස්ථානයට රැස්වී ඇති ඕවිටියාවත්ත ප්‍රදේශයේ ජනතාව මෙම කුණු එම ප්‍රදේශයට බැහැරකිරීමට විරෝධය දක්වා ඇති අතර පසුව එම ස්ථානයට කොච්චිකඩේ පොලීසිය ද පැමිණ වාහන වල රියදුරන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම රථ දෙකෙන් එක් රථයක් මීගමුව නගර සභාවට අයත් බවද එහි ජූඩ් නමැති රියදුරකු සිටි බවද ජනතාව පවසයි. මෙම විරෝධය දැක්වූ ජනතාව විසින් ‘ මේවා ගෙනාවේ කාගේ අණකටද කියා විමසූ විට එම රියදුරන් පවසා ඇත්තේ නාගරික මන්ත්‍රී දයාන් ලංසා ගේ අන පරිදි තමන් මෙම කුණු ගෙන ආ බවයි. මෙම අපද්‍රව්‍ය පිට ප්‍රදේශ වලින් පටවාගෙන ආ ඒවා බවද ප්‍රදේශවාසීන් පවසති. මේ වන විට රියදුරන් දෙදෙනා කොච්චිකඩේ පොලීසිය විසින් හෙට දිනයේ උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතය. http://www.meepura.com/stories/6693 […]