70,000 කට වැඩි ශ්‍රි ලාංකිකයන් පිරිසක් කොරෝනා නිසා ඉතාලියේ වසා දැමුණු නගර තුල කොටුවෙති ?

0
301
I carabinieri del Nas, insieme a personale medico specializzato, hanno prelevato con un'ambulanza bio contenitiva dalla loro abitazione di Castiglione d'Adda i genitori di Mattia, 38 anni, il paziente 'numero 1', trasferito questa mattina dall'ospedale di Codogno al Policlinico San Matteo di Pavia. I due anziani sono stati prelevati da personale sanitario in tuta asettica bianca e, dopo aver fatto indossare loro la mascherina, accompagnati fino ad una vicina ambulanza, che li ha portati via, 22 febbraio 2020. Ansa/Matteo Corner

87142191_2713091992072558_7290817872425648128_oකොරෝනා වෛරසය අති බිහිසුණු ලෙස පැතිර යාම හේතුවෙන් මතුව ඇති අර්බුදයට පිලියමක් ලෙසින් ඉතාලි රජය මේ වන විට සිය උතුරු ඉතාලියේ ලෝම්බාර්ඩ් කලාපයද ඇතුළු තවත් ප්‍රදේශ 11 ක් රතු කලාප ලෙසින් නම්කොට විශේෂ ආඥාවක් අද නිකුත් කර තිබේ.
ඉතාලියේ වෙසෙන ශ්‍රිලාංකිකයන්ගෙන් 60 % කට අධික පිරිසක් ජිවත් වන ලොම්බාර්ඩි කලාපයද මේ රතුකලාපය තුල පිහිටා තිබේ.මේ පිරිස දල වශයෙන් 60000 ක් පමණ වේ.මේ අනුව රතු කලාපයට ඇතුළත් අනෙකුත් ප්‍රදේශ 11 ද එක්වු විට මුලු ප්‍රදේශයේ වෙසෙන පිරිස 70000 දහස ඉක්මවනු ඇත.
.
අද අලුයම අත්සන් තැබුන මේ රතුකලාපය ගැන ආඥාවේ නිවරදි විස්රාත්මක සටහනක් එමිල් රෝහාන් සහෘදයාගේ මුහුණු පොතේ අන්තර්ගතය.
එය පහතින් පළවේ .

ඉතාලියේ අලූතින් නම් කරන ලද රතූකලාප සදහා වලංගු ආඥා වට(D.P.C.M) අද අලුයම ඉතාලි රාජ්යය අමාත්ය මණ්ඩල යේ සභාපති ගරු අග්රාමාත්ය තුමන් විසින් අද අලුයම අත්සන් තබන ලදි.
අදාල ආඥාවට  අනුව නම් කර ඇති රතුකලාප වලට පිට අනෙකුත් ප්රදේශ වලින් ඇතුල් වීමත්,එම කලාපයෙන් පිටතට යාමත් සාපුරා තහනම් වේ.
එනමුත් රතුකලාප අභ්යන්තර යේ අත්යවශ්ය කටයුතු සදහා (සෞඛ්යය සේවා, රැකියා කටයුතු, ආහාර ද්රව්ය මිලදීගැනීම) සදහා යා හැකි බව ආඥා වේ සදහන් වේ.
එහෙත් ඒ කටයුතු නිම කල වහාම තම නිවසට පැමිණිය යුතුය.
සැම විටම මිනිසුන් අතර අවම පරතරයක් තබා ගත යුතු වේ.රැකියා ආයතන ප්රධානීන් ගේ කැමැත්ත මත රැකියා ස්ථාන වසා දැමිය හැක.
උත්සව ප්රිය සම්භාෂණ, ඇතුළු පුද්ගලයන් ඒකරාශී වන ක්රියාකාරකම් සාපුරා තහනම් වේ.අද අලුයම අත්සන් තබන ලද ආඥා ව පිටු 13 කින් සමන්විත වේ.
මිතුරන් දැනුවත් කරන්න

මාගේ හිතවත් ජීවක වීරසිංහ විසින් දැනුවත් කරන ලදී…

එමිල් රෝහන්

මේ පිලිබදව අප මේ කලාපයේ ස්ථාන කිපයක වෙසෙන අපගේ පාඨකයන්ගෙන් කරන ලද විමසිම් වලදි ඔවුන් පිළිතුරු දෙමින් කියා සිටියේ  දින ගණනකට ඇතිවෙන්නට ආහාර රැගෙන ගබඩා කරගත් බවය.
එහෙත් එළවළු වර්ග එසේ කල්තබා ගතනොහැකි නිසා ඉදිරි දිනවලදි කුසගිණි නිවාගැනිම සදහා සුදුසු පරිදි දැනට සපයාගත හැකිව ඇති දේවල් වලට පමණක් පුරුදු පුහුණු විමට මේ අනුව සිතා සිටින බවද ඔවුහු ප්‍රකාශ කර සිටිති.
එමෙන්ම ඒ බහුතරයක් දෙනා කියා සිටියේ කිසියම් අවිනිශ්චිතාවයක්ද ඉදිරිය ගැන පවතින බවය.

රෝගය පැතිර යාම පාලනය කරගැනිම සැමගේම පොදුවගකිමයි.( විඩියෝ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here