75 වන සංවත්සරය සැමරීමට හරිස්චන්ද්‍ර විදුහල සූදානමින්

0
648

12380599_1019617828092774_1985942500_nශ්‍රී ලංකාවේ බෞද්ධ සිංහල දරුවන් සඳහා ඉංගීසි පාසලක් මීගමුවට අවශ්‍යව තිබූ බැවින් 1942 ජනවාරි මස 05 වන දින මීගමුව පන්සල පාරේ මීගමුව ඉංගීසි විද්‍යාලය ලෙස මෙ පාසලේ ආරම්භය සිදු විය.ඉන්පසුව මීගමුව ප්‍රදේශයේ ජාතික වීරවරයෙක් වන වලිසිංහ හරිස්චන්ද්‍ර මහතා සිහිවනු පිණිස එම පාසල එතුමාගේ  නමින් නම් කිරීම සිදුවිය.
ඉන්පසුව මීගමුව හරිස්චන්ද්‍ර විදුහල ලෙස හැදින්වුන පාසල එවකට ජනපතිව සිටි ඩී.බී. විජේතුංග මහතා අතින් 1992 වසරේ ජනවාරි මාසයේදී මීගමුව ප්‍රදේශයේ ප්‍රථම බෞද්ධ ජාතික පාසල බවට පත්විය. ඒ එවකට විදුහල්පතිව සිටි චන්දපාල ජයසිංහ මහතාගේ නිලකාලයේදීයි.
2017 වසරේදී සිය 75වන සංවත්සරය සැමරීමට සූදානම් වන මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම සිසුන් ප්‍රමාණය වන සිසුන් 5890කට ආසන්න ප්‍රමාණයකට අධ්‍යාපනය ලබා දෙමින් මීගමුවේ අභිමානය බවට පත්ව ඇත.

මේ වන විට අභිමානවත් ලෙස ඉදිරියට යන ජාතික පාසලේ වත්මන් විදුහල්පති වන ඩී.බී කීර්තිද අල්විස් මහතා පුරා වසර 15කට ආසන්න කාලයක් පුරා පාසලේ සීඝ්‍ර දියුණුවකට කටයුතු කරමින් සිටින අතර ඒ නිසාම හරිස්චන්ද්‍ර ජාතික පාසල මේ වන වි ප්‍රාථමික සා සාමාන්‍ය පෙළ හොඳම ප්‍රථිඵල ලබාගන්නා ජාතික පාසල බවටද පත්ව ඇත.

ක්‍රිකට්,චෙස්,කරාටේ,පිහිනුම්,පාපන්දු,වායු රයිෆල්, වැනි කීඩා වලින් මෙන්ම සංගීත අංශයෙන්ද කලාප මට්ටමේ මෙන්ම සමස්ත ලංකා ශූරතාවයන් දිනාගැනීමට හරිස්චන්ද්‍ර ජාතික පාසල සමත් වී ඇත. එලෙසම පසුගියදා පැවති 2016 දකුණු ආසියානු කීඩා උළෙලේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල මෙම විදුහලේ ශිෂ්‍යාවක් වන හිරුණි පෙරේරා එහිදී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.එලෙසම පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේදී කරාටේ අංශයෙන් පදක්කම් දිනාගනිමින් තවත් රටට ආඩම්බරයක් වීමට පාසලේ සිසුන් සමත් වීම තවත් විශේෂත්වයකි.

මේ වන විට ශ්‍රී ලංකා ජාතික කිකට් කණ්ඩායමේ සාමාජික වේග පන්දු යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීර පළමු වසරේ සිට 11 වන වසර දක්වා අධ්‍යාපනය ලබා ඇත්තේද මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලෙනි.එලෙසම විශේෂයෙන් මේ වන විට
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද මෙම පාසලේ ආදි ශිෂයෙකු බව පාසල සිහිපත් කරන්නනේ සාඩම්බරයෙනි.

පාසල තවත් දියුණු කිරීම සඳහා පාසල වෙත ක්‍රීඩා පහසුකම් රැසක් ලබා ගැනීමට පාසලේ ආදි ශිෂ්‍ය සංගමය මේ වන විට ක්‍රීඩා අමාත්‍ය තුමාගේ ප්‍රතිපාදන හා වත්මන් විදුහල්පතිතුමාගේ මගපෙන්වීම යටතේ කටයුතු කරමින් සිටියි. එලෙසම විශේෂයෙන් පාසලේ 75වන සංවත්සරට සමගාමීව පාගමණක් සූදානම් කිරීමටත් මේ වන විට සියළුම කටයුතු සූදානම් වෙමින්  ද පවතී.

පසුගියදා පැවති දකුණු ආසියාණු කීඩා උළෙලේදී රිදී පද්කකමක් දිනාගත් හිරුණි පෙරේරා ශිෂ්‍යාව.

ශීලංකා කිකට් කණ්ඩායමේ සාමාජික දුෂ්මන්ත චමීර