800කට වැඩි පිරිසක් වාසය කරන බොස්කෝපුර නිවාස සංකිර්ණයෙන් ආසාදිතයන් වාර්තාවිම අවදානම් තත්වයක් ?

0
111

බොස්කොපුර නිවාමීගමුවේ ඇති විශාලතම නිවාස සංකිර්ණය ලෙස සැලකෙන බොස්කෝපුරයේ ඊයේ සිදුකරන්නට යෙදු අහඹු PCR  පරික්ෂණ 110 කින් ආසාදිතයන් දෙදෙනෙකු වාර්ථා වි තිබේ.
මේ එක් අයෙකු ධිවරයෙකු වන අතර අනෙක් තැනැත්තා වන්නේ ත්‍රිරෝ රථ රියදුරෙකි.
මේ දෙදෙනාට වෛරසය ආසාදනය වන්නට ඇත්තේ කොයි ආකාරයෙන්ද යන්න තවමත් පැහැදිලි නැති බව සැලය.
සුනාමි නිවාස සංකිර්ණයක් ලෙසින් ස්ථාපිත වු මෙහි නිවාස ඒකක 194 ක් ඇති අතර එහි වෙසෙන පුද්ගලයන් ගණන දළ වශයෙන් 800 ක් ඉක්මවා තිබේ.
ඉතා කුඩා බිම් කඩක පිහිටා ඇති මෙම නිවාස සංකිර්ණය තුල මෙම වෛරසය වේගයෙන් පැතිර යාමට ඇති ඉඩ කඩ ඉතා වැඩි බැවින් එහි වෙසෙන ප්‍රජාව වඩාත් අවධානයෙන් යුතුව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව අදාල බලධාරින් විසින් ඒ අය වෙත දැනටමත් දැනුම් දි තිබේ.
පවතින අවදානම් තත්වය මත අද දිනයේද PCR  පරික්ෂණ 103 ක ප්‍රමාණයක් සිදුකර තිබුණ බව සෞඛ්‍ය අංශ විසින් පවසන්නට යෙදුණිබොස්කොපුර නිවාස 2