පොලිස් පහරදීම් වලින් තුවාල ලැබූ සේවක සේවිකාවන්ගෙන් 65 දෙනෙකු තවමත් මීගමු රෝහලේ

0
162

ඊයේ එනම් මැයි 30 වනදා නිදහස් වෙළද කලාපයේ කම්කරුවන්ට සිදුකළ පොලිස් පහරදීම් හා වෙඩිතැබීම් හේතුවෙන් රෝහල් ගතකළ සේවක සේවිකාවන් අතරෙන් මේ වන විට තවමත් මීගමුව රෝහලේ පුතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 65ක් පමණ වන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.  එමෙන්ම  ඊයේ ඇතිවූ ගැටම්කාරී වාතාවරණයෙන් පසු සේවිකාවන් කීපදෙනෙකු පිළිබද තොරතුරක් නොමැති බැවිත් ඔවුන්ගේ ළගම හිතවතුන් ඔවුන් සිටින ස්ථානයක් පිලිබදව සොයමින් සිටින බවද නිදහස් වෙළද කලාපයේ සේවිකාවන් බහුතරයක් නවාතැන්ගෙන සිටින අමන්දොළුව හා ඇවරිවත්ත ප්‍රදේශ වලින් වාර්තා වේ. අද පෙරවරුවේ දී  ඇවරිවත්ත ප්‍රදේශය් ගමන් ගන්නා සේවක සේවිකාවන්ව විශේෂ කාර්ය බලකාය විසින් විශේෂ පරීක්ෂාවකට ලක් කළ බවද  වාර්තා විය.

නි.වෙ.කලාපයේ සිදුවූ ගැටුම -ජුනි 30 සවස
නි.වෙ.කලාපයේ සිදුවූ ගැටුම -මැයි 30 සවස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here