මිගමුවේ මුස්ලිම් මන්ත්‍රිලාගේ ඩබල් ගේම් ?

0
249
දේහයන් ආදනය කිරිම 1 1

පසුගි කාලය පුරාම මුස්ලිම් ජාතිකයන් විසින් සිය ආගමික විශ්වාසයන්ට අනුකූලව කොරෝනා නිසා මිය යන මුස්ලිම් බැතිමතුන්ගේ දේහයන් භූමදානය කිරිමට අවසර ලබාදෙන ඉල්ලා දැවැන්ත අරගලයක නිරතව සිටින අතර රටපුරා විවිධ ජනකොටස්වලට සහය මේ වන විට ඒ සදහා ලැබෙමින් තිබේ.

133589829 3860323937352730 7599275183490314213 o


තතු එසේව තිබියදි මිගමුවේ මුස්ලිම් නාගරික මන්ත්‍රිවරුන් 5 දෙනා මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික ඉල්ලිමට පිටුපා කටයුතු කරමින් සිටින පොදු ජන පෙරමුණ රජය රැකගැනිම සදහා දිවි හිමියෙන් කටයුතු කරන තත්වයකට පත්ව සිටිති

පසුගිය අයවැය අවස්ථාවේදි මේ මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේ සහය ලැබි තිබුනේ ලංකාව තුල කොරෝනා නිසා මිය ගිය මුස්ලිම් භක්තිකයෙකුගේ සිරුර හොර රහසේම මුස්ලිම් සමාජයද රවටා ආදනය කිරිමට කටයුතු කළ නගාරාධිපති දායාන් ලං සාව රැකිම සදහාය.

ලෝකයේ රටවල් 194 ක් පුරා ක්‍රියාත්මක කොරෝනා නිසා මිය ගිය අය භුමදානය කිරිම ලංකාව තුලදි ඉඩක් ලැබි තිබුනේ නැත.එය සැබැවින්ම විද්‍යාත්මක කරුණු පදනම් කරගත් එකකට එහා ගොස් මහ ජාතිය පිනවිම අරමුණු කොටගත් ඉතාමත් පටු  සිමාවක රැදි තිබුණි.

ලංකාවේ පළමු කොරෝනා මුස්ලිම් මරණය සිදුව තිබුනේ මිගමුව පෝරුතොට ප්‍රදේශයේය.ඇතැම් කොරෝනා පරික්ෂණ වල ප්‍රතිපලවල නිරවද්‍යතාව ගැනද ගැටළු  මතුව තිබුණ පසුබිමක කෙසේ වෙතත් පළමු මුස්ලිම් කොරෝනා  යැයි කියු මරණය සම්බන්ධයෙන් සැමගේ ඇස්වලට  වැලිගසා මිගමුව පොදු සුසාන භුමියේ මැදියම් රැයකදි හොර රහසේ අදාහනය කිරිමේ කටයුත්තට මුල් වි තිබුනේ මිගමුව නගරාධිපති දයාන් ලංසා පුමුඛ නගර සභාවයි.

මෙම දේහය පෝරුතො⁣ට මුස්ලිම් දෙවස්ථායේ වලදැමිමට ඉඩ දෙනවා යැයි වලක්කැපිමටද පියවර ගෙන තිබුණද ඒ කිසිවෙකුට හෝ නොදන්වා සැම දෙනා රවටා පළඹු ආදාහනය එසේ සිදුකරමින් ඒ ඡායාරුප මිගමුව නගරාධිපති දයාන් ලංසාගේ  ෆේස් බුක් පිටුව හරහාද සමාජ ගත කර තිබුණි.පෝරුතොට මරණ්‍ය

තතු එසේව තිබියදි මිගමු මහනගර සභාව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රිවරුන් 5 දෙනෙකු සිටියද මේ එකදු මන්ත්‍රිවරයෙකු මීගමුව නගරාධිපති ගේ මේ ක්‍රියාව ගැන හෝ රට තුල මුස්ලිම් ආගමික අයිතිය උල්ලංගණය කරමින් සිටිකරගෙන යමින් ඇති අදාහනය ගැන මිගමුව මහනගර සභාව තුල අඩුම තරමින් වචනයක් වත් කථා කර තිබුනේ නැත.
ඒපමණක් නොව එජාප නියෝජනය කරන නස්මියාර් නැමැති මුස්ලිම් නාගරික මන්ත්‍රිවරයා මුස්ලිම් ආගමිකයන්ගේ ජන අයිතියටද පස්ස හරවමින් කටයුතු කරගනෙ යන පොහෝට්ටුවේ මිගමු අයවැය දිනවිමට කිසිදු හිරිකිතයකින් තොරව කටයුතු කර තිබුණි.
සැබැවින්ම මේ මුස්ලිම් මන්ත්‍රිවරුන් 5 දෙනා යනු දවල් මිගෙල් රැ දනියෙල්ලාය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here