මීගමුවේ ජනතා ද්‍රෝහි එජාප මන්ත්‍රිලා කව්දැයි අදත් හෙළිවෙයි ?

0
172

IMG_20200702_174522

මීගමුවේ අයවැය එජාප මන්ත්‍රීවරුන් පිරිසක් සහය පළකර තිබිම ගැන පුරවැසියන්ගේ විරෝධයන් මේ වන විට එල්ල විමට පටන් ගෙන තිබේ. මේ අකාරයෙන් ප්‍රබල විරෝධයක් මතුවුයේ පෙරියමුල්ල ඡන්ද කොට්ටාශයෙනි.
එයට එක් ප්‍රධාන හේතුවක් වි තිබුනේ  මිගමුවේ දූෂිත නගර පාලනයට සහය දෙමින් අයවැය විවාදය මගහැරිමට කටයුුතු කළ එජාප ප්‍රබලයෙකු සිටින්නේද පෙරියමුල්ලේ  බැවිනි.
දෛවයේ සරදම වන්නේ එජාප සංවිධායක මෙන්ම මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කළ තැනැත්තාද ඔහු විම නිසාය
ගිහාන් බෙන්ජමින් නම් ඔහු මිගමු දේශපාලන ඉතිහාසයේ දැවැන්තම පාවාදිමක් සිදුකරන්නට යෙදුන පුද්ගලයෙකු ලෙසින් දැනටමත් ඉතිහාස ගතවි හමාරය.
ගිහාන් බෙන්ජමින් මේ වන විට කිසිදු ලැජ්ජාවකින් තොරව පොහොට්ටුව සහ ලංසා පවුල වෙනුවෙන් එළිපිට කඩේ යමින් සිටින්නේ යැයි විපක්ෂ මන්ත්‍රිවරුන් විසින් චෝදනා කරති.
අද පැවැත්විමට නියමිත මහසභා රැස්විමේදි ගිහාන්ලා වැනි ජනතා ද්‍රෝහි මන්ත්‍රිවරුන්ගේ නිරුවත කදිමට හෙළිවිමට නියමිතව ඇතැයිද විපක්ෂ මන්ත්‍රිවරුන් ප්‍රකාශ කර සිටිති.මේ එක් කුප්‍රකට නාගරික මන්ත්‍රිවරයෙකු මුදල් කාරක සභාවට පැන ගැනිම සදහා පසුගිය දිනකිපය පුරාම නගරාධිපතිවරයා සමගින් නැටු නාඩගම සැබැවින්ම පිළිකුල් යැයි මිපුරට කියා සිටියේ පොහොට්ටුවේම නාගරික මන්ත්‍රිවරයෙකි.
gihan and team
එවන් නින්දිතයන්ව ගම්වලින් පැන්නිය යුතු බවට පෙරියමුල්ල ප්‍රදේශයේ ප්‍රබල සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ජුඩ් ප්‍රනාන්දු මහතා පසුගියදා මිපුර වෙබ් අඩවිය වෙත විශේෂය ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.
එළඹෙන පළාත් පාලන මැතිවරණයකදි මේ සියළු ජනතාද්‍රෝහින්ව දේශපාලනික වශයෙන් පරාජය කිරිමට දැන් සිටම කටයුතු කිරිම ආරම්භ කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය
මේ ආකාරයෙන් ජනතාවට  එරෙහිව කටයුුතු කරමින් ලංසා පවුලට හයිය දුන් සැමට එරෙහිව මේ විරෝධය පළල් ලෙසින් කොට්ටාශ මට්ටමින් ගෙනයා යුතු බවද ඔහු කියා සිටියේය.
දැනටමත් ඒ සදහා කටයුතු ආරම්භ වි ඇති අයුරු දකින්නට ලැබේ
මේ වන සමාජමාධ්‍ය ඔස්සේ මේ ජනතා ද්‍රෝහි මන්ත්‍රින් විරෝධය පළවිම්ද ඇරඹි තිබේ.