ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩකළ නිළධාරිණියක් ගැන මිගමුව විපක්ෂ නායක කියයි ?( විඩියෝ)

0
57
sdr

මිගමුව තුල පක්ෂග්‍රාහිව කටයුතු කරන රාජ්‍ය නිලධාරිනියක ලෙස කුප්‍රකට රුවිනි ප්‍රනාන්දු නම් වු නාගරික කොමසාරිස්වරිය සමගින් ( 06 ) ඊයේ දිනයේ මිගමුව විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් පැවති රැස්විම විශේෂ එකක් වි තිබුණි.
එහිදි කොමසාරිස්වරියා නිතිය නමා කටයුතු කර ඇති අන්දම ගැන විපක්ෂයේ නාගරික මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රිවරියන් විසින් පෙන්වා දි තිබුණි.
මෙහිදි බොහෝ ජනතා නියෝජිතයෝ ඉතා ආවේගශිලිව කථා කොට තිබේ

පාලත් පාලන නීතිය වෙනුවට ලංසා පවුලේ නීතිය හිස මුදුනේ තබාගෙන කටයුතු කරගෙන යන නාගරික කොමසාරිස්වරියට එසේ කළ නොහැකි බව විපක්ෂ නායක රොයිස් විජිත විසින් පෙන්වා දි තිබුනේ ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථවේ වගන්තිද ගෙනහැර දක්වමිනි.
නගාරික මන්ත්‍රිවරුන් හමුවේ නාගරික කොමසාරිස්වරියට කිසිදු විරෝධයක් පළනොකරමින් නිහතමානි ලෙසින් මෙය පිළිගැනිමට සිදුව තිබුණි.
ඉන් කියැවෙන්නේ ඉදිරියේදි නාගරික කොමසාරිස්වරිය නිතිය නමා කටයුතු කරන්නට යන්නේ නම් ඇය එරෙහි වන්නේ නාගරික මන්ත්‍රිවරුන්ට හෝ ජනතාවට පමණක් නොව මේ රටේ උත්තරිතර නිතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද බවය.