කඩාදැමුණු මේ අසරණයන්ගේ පැල්පත හැර මිගමුවේ තවත් අනවසර ඉදිකිරිම් තිබේද ?

0
544
සුජිත්ලා කලපුව අසල ඉදිකරගත් තාවකාලික පැල්ප

IMG 20210109 160248

මීගමුව වෙරළ තිරයේ පිහිටි අනවසර ඉදිකිරිම් ඉවත් කිරිම පිළිබදව දින 14 ක් ඇතුලත ක්‍රියාත්මක වන බව පසුගිය 2017 වසරේ මාර්තු මාසයේදි ය.

chandana coastel
එම රැස්විමට පැමිණ පොරොන්දුවක් දි තිබුණ වෙරළ සංරක්ෂණයේ නිළධාරියෙක්


එහෙත් වෙරළ සංරක්ෂණ නිළධාරින් පසුගිය වසරේ ජුනි මාසය වෙනතුරුත් එය ක්‍රියාත්මක කර නැති බව හෙළිව හෙළිවි තිබුනේ 2017/06/12) පැවැති මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටු රැස්විමේදිය.
මේ පොරොන්දුවට දැන් වසරක් තුනක්ද ගෙවි ගොසිනි.

මිගමුව කලපුව වටේට අනවසර ඉදිකිරිම් ! මිල්ටන්ලා මෙන්ම වෙරළ සංරක්ෂණයද නිහඩයි ?

12
139408647 3930631953666164 8211600047598736141 n


එහෙත් අදටත් මිගමුවේ වෙරළ තිරයේ අනවසර බොහොමයක් ඉදිකිරිම් නිරුපද්‍රිතය.
එපමණක් නොව මිගමුව කලපුව වටේටද විශාල අනවසර ඉදිකිරිම් ප්‍රමාණයක් තිබේ.
එහෙත් සල්ලි විසිකරමින් ඒ සියල්ලෝ වෙරළ සංරක්ෂණයද නිදි කරවා නිදහසේ සිටිති.
තතු එසේව තිබියදි ඊයේ කඩා දැමුනේ වෙරළ සංරක්ෂණය විසින්ම ඉවත් වන්නට යැයි ලිඛිතව දැනුම් දුන්නද ඉන්නට විකල්ප තැනක් සපයා නොදිම නිසා මිගමුවේ කලපුවේ කුඩා ගඟ අසල අටවා ගත් පැල්පතකි.
එය යන්තරම් ටකරන් අටවා තනාගත් එකකි.

මිගමුවේ තිබුණ එකම අනවසර ඉදිකිරිම සුජිත්ගේ පැලද ?


මිගමුවේ ඇති එකම අනවසර ඉදිකිරිම මෙය යැයි සිතු මිගමුව දූවේ මිල්ටන්ලා මෙන්ම වෙරළ සංරක්ෂණයද දැන් ඒ නිවස අධිකරණයෙන් නියෝග ගෙන කඩාදමා හමාරය.
ඔවුන් දැන් යළිත් අසරණය.

ෆෝට් සිටියෙන් රු ලක්ෂ ගණන් ගත්ත මිගමුවේ සමිතිකාරයෝ සුජිත්ලා ගැන නිහඩයි


ෆෝට් සිටිය එරෙහි අරගලය නිහඩ කිරිම සදහා රුපිලයල් කෝටි ගණන මිගමුවේ සමිතිවලට සල්ලි ලබාදිමට බලධාරින් එදා කටයුතු කර තිබුණි. එහෙත් ෆෝට් සිටිය නිසාම උග්‍ර වු වෙරළ ඛාදනයෙන් අහිමි වු සුජිත්ගේ නිවසට සාධාරණයක් කරන්නට කිසිදු බලධාරියෙකුට පුලුවන් වුයේ නැත.
අද ඉටිකොළයක් යට සිය දරුපවුලට රැකවරණය දිමට සුජිත්ට සිදුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here