ප්‍රසන්නගේ දූ ඇඩිලේඩ්, බන්දුලගේ දූ US, දුමින්දගේ බ්‍රෝ පැරීස්

0
139

Featured

Screenshot 20210131 125623

ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පදිංචි පවිත්‍රා රණතුංග සිඩ්නි නුවර ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස ද, රන්දුලා ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නිත්‍ය මෙහෙයුමේ තුන්වන ලේකම් ලෙස ද, ඊ දිසනායක පැරීසියේ ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස ද පත්කර ඇතැයි වාර්තා වේ.

පවිත්‍රා, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ දියණිය වන අතර, රන්දු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ගේ දියණිය වේ.

ඊ. දිසානායක රාජ්‍ය ඇමති දුමින්ද දිසානායක මහතාගේ සහෝදරයාය.

මීට අමතරව, ජනාධිපති ජනමාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතාගේ දියණිය සුභාෂිනි සමරනායක වියානා ශ්‍රී ලාංකික තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර ඇති බව පැවසේ.

හිටපු නාවික හමුදා ප්‍රධානී සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් තිසර සමරසිංහගේ බෑණනුවන් වන තුලසි සමරසිංහ සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස පත් කර ඇතැයි ද වාර්තා වේ

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ දියණිය දුල්මිණි අත්තනායක යහපාලන අවසන් කාලයේ 2019 ජූලි ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ තුන්වන ලේකම්වරිය ලෙස සිදු කළ පත්වීම නව රජය බලයට පත්වූ පසු අවලංගු වූ නමුත් නැවත එය සක්‍රීය කර ඇති බවද පැවසේ.

srilankamirror.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here