කොරෝනා නිසා මෙරටදි අපට අහිමි වු පළමු වෛද්‍යවරයා…

0
168
143267238 3858686604170620 4874652952348500098 n

කොවිඩ් – 19 ආසාදනය හේතුවෙන් මෙරටදී ප්‍රථමවරට වෛද්‍ය වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

රාගම ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටියදී කොරෝනා ආසාදනය වීමෙන් පෙනහළු ක්‍රියාකාරීත්වය අඩපණ වී කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක්මෝ යන්ත්‍රයට සවිකර විශේෂ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද (02) උදෑසන මියගිය බව කරාපිටිය ‍රෝහල් ආරංචි මාර්ග පවසයි.

රාගම රෝහලේ සිට කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කර තිබූ අතර ‍දියවැඩියා රෝගයෙන් පීඩාවිඳිමින් සිටි ඔහුට කොරෝනා නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් පෙනහළු මගින් සිදුකරන වායු හුවමාරුවේ ගැටලුවක් ඇති වී තිබී ඇත.

ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යොමුකරනු ලැබ ඇත්තේ එවැනි රෝගියකුට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන එක්මෝ යන්ත්‍රයක් ඇති එකම රෝහල කරාපිටිය ශික්ෂණ රෝහල බැවිනි.

මෙම වෛද්‍යවරයාගේ පවුලේ සාමාජික සාමාජිකාවන් කිහිප දෙනෙක් ද මේ වනවිට කොරෝනා ආසාදනය වී ප්‍රතිකර ලබමින් සිටිති.

මෙම වෛද්‍යවරයා ගම්පහ ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර ඔහුගේ පියා ද වෛද්‍යවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here