මිගමු රෝහලට රොටරි වෙතින් සුපිරි පරිත්‍යාගයක් …..

0
90

මීගමුව මහා රෝහලට අඩුවක්ව පැවති අලුත උපන් බිලිඳුන්ගේ ශ්‍රවණ හැකියාව අඳුනා ගැනීමට අවශ්‍ය, එක ඒකකයක් $25,000 වන Madsen Accuscreen Screener යන්ත්‍ර දෙකක්. ($ 50,000 ලංකාවේ මුදලින් 9,700,000.00) ඊයේ දින මීගමු මහරෝහලේ රෝහල් අධ්‍යක්ෂක තුමිය වෙත හා උගුර කණ හා නාසය (ENT) විශේෂඥ වෛද්‍ය ප්‍රේමලාල් ද මෙල් මහතා වෙත, මීගමුව හා නුවර Rotary සමාජයේ සාමාජිකයන් අද දින භාර දෙන ලදී.

මෙම උපකරණය මගින් ඊයේ දින සිට මීගමු රෝහලෙන් බිහිවන සෑම දරුවෙකුගේම ශ්‍රවණ හැකියාව රෝහලෙන් පිටවීමට පෙර හඳුනාගන,අවශ්‍ය ශල්‍යකර්මය කඩිනමින් කිරිමට ඉවහල් වනු ඇත.

තවද මෙමගින් රෝග කල්තියා හඳුනා ගැනීම නිසා නිසි කලට නිසි වේලාවට ප්‍රතිකාර කර ළමුන් දහස් ගණනක් සුවවේ යැයි ප්‍රාර්ථනා කරමු .

“මීගමුව රොටරි සමාජයේ සමාජ සත්කාරයකි”