මන්ත්‍රිවරුන්ටත් නොදන්වා හොරෙන්ම එන්නත විදගත් මිගමු නගරාධිපති ..

0
268

කොරෝනා වලට එන්නත විදගැනිමට අදාලව දැනටමත් ඇතැම් දේශපාලකයන් සමාජයට පණිවිඩයක් සපයා තිබේ.
සමගි ජනබලවේගයෙ හරින් ප්‍රනාන්දු කියා තිබුනේ අවදානම් සහිත අයවලුන් හට ප්‍රමුඛතාවය දිය යුතු බවය.

දශලක්ෂයකට වඩා ජනයාට එන්නත විදිමෙන් පසුව පමණක් ඔහු එන්නත විදගැනිමට සුදානම් බව සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණි.
ජනතා විමුක්ති පෙරමුණෙ මන්ත්‍රිවරුන්ද කියා තිබුනේ ප්‍රමුඛතාව දේශපාලකයන්ට නොව ජනතාවට දිය යුතු බවය.



දේශපාලකයන් එසේ ආදර්ශ සපයා තිබියදි මිගමුව නගරාධිපති දයාන් ලංසා මිගමුවේ වැඩිම කොරෝනා අවදානමක් සහිත ගම්මාන කිපයක් තිබියදි ඒවාට ප්‍රමුඛතාවය දෙනවා වෙනුවට සිය ගමට පළමුව එන්නත විදිමට කටයුතු කර තිබුනා පමණක් නොව සහෝදර මන්ත්‍රිවරුන්ටද නොදන්වාම නගරාධිපතිවරයාද එන්නත පළමු දිනයේදිම ලබාගෙන තිබුනේ මාධ්‍ය සංදර්ශනයක්ද පවත්වමිණි

මුහුණු පොතෙන් සහ නාලිකා තුලින් මේ පුවත දුටු ඇතැම් නාගරික මන්ත්‍රිවරුන් මේ ගැන විමසා සිටියදි කියා තිබුනේ නගරාධිපති කියා තිබුනේ ඉදිරි දවස්වලදි මන්ත්‍රිවරුන්ටත් ලබාදෙන බවය.

මේ ගැන බහුතරයක් නාගරික මන්ත්‍රිවරුනට තිබුනේ කළකිරිමකි.මිපුර අමතා කථා කළ කිපදෙනෙකුම සිය විවේචනය මේ ගැන ඉදිරිපත් කලේය.
මේ අතර පසුගිය දා මිගමුව නගරාධිපතිවරයා ඇතුලු නාගරික මන්ත්‍රිවරුන් 48 දෙනෙකු සදහා ඇන්ටිජන් පරික්ෂාව සිදුකිරිමට සියළු කටයුතු යොදා තිබුණද එදින පැමිණ තිබුනේ නාගරික මන්ත්‍රිවරුන් 8 දෙනෙකු පමණි.
නගරාධිපතිවරයා පවා පැමිණ තිබුනේ නැත.