60 සිමාව ඉවතට !මිගමුවේ හිටපු නගරාධිපතිටත් එන්නත !

0
115

ලංකාව කටයුතු කරන්නේම ටියුබ් ලයිට් සංස්කෘතියක් රට තුල ස්ථාපිත කිරිමට යැයි සිතුන අවස්ථා එමටය.
බොහෝ විට කළ යුතු ඇත්ත තේරුම් යන්නේ කිසියම් ප්‍රමාදයකින් පසුවමය.
ලෝකයම වඩාත් විද්‍යාත්මක අයරින් සිය රටවල සිටින වැඩි අවදානම් සහිත ජිවිත කොරෝනා වසංගතයෙන් බේරාගැනිමට විද්‍යාත්මක ප්‍රවේශයක් ගනිමින් වයස්ගතවුවන්ට ප්‍රමුඛතාවය ලබාදෙද්දි ලංකාවේදි අතහැර දමා ඇත්තේද වයසට යමින් සිටින වැඩිහිටියන්ය.
ඒ අවුරුදු 60 ට එහා නම් එන්නත දෙන්නට බැ යැයි කියමින් තවත් අනියත මරණ බියක් ඒ වයස්වල අය තුල පතුරවමිනි.
ඊයේ දිනයේ මිගමුවේ බොහෝ තැන්වලදි මේ ගැටළුව මතුව තිබුණ අතර හිටපු නගරාධිපතිවරයාද ඒ පිරිස අතර විය.
කෙසේ වෙතත් දැන් නම් ටියුබ් ලයිට් එක පත්තු වි ඇතිවා සේය.
60 සිමාව දැන් ඉවත් කරගෙන ඇතැයි කියැවේ.සුදර්ශණි වැනි විෂය ගැන හසල දැනුමත් ඇති විශේෂඥ වෛද්‍යවරියක් මුලිකත්වය දරද්දි පවා නිසි විෂය බද්ද දැනුමක් නැති කබ්බන් විසින් මේ ආකාරයේ ගොන් තින්දුව ගන්නවාදැයි හිතෙන වාර ගණන අනන්තය.
මේ කබ්බන් සිටින තාක් මේ රට මේ කපේ නම් ගොඩ ගනු බොරුය