බොදුබල චන්ඩිපාට් කිරිමැටියානටත්

0
49


බොදු බල සේනා සංවිධානය විසින් පටන්ගත් අන්‍ය ආගමික ස්ථානයන් වලට විරෝධය පෑම් රැල්ල දැන් ගම්නියම්ගම  කරා පැතිර යමින් තිබේ.මෙහි ආසන්නතම  සිදුවිම වාර්ථා වන්නේ  පසුගිය 24 වන ඉරිදා කිරිමැටියාන දංකොටුව මොහොට්ටිමුල්ලේදීය.
ක්‍රිස්තියානි ආගමික වතාවත් කරගෙන යන  ස්ථානයකට යෝගියාන පන්සලේ ප්‍රධාන හිමිනම ඇතුළු බෞද්ධ හිමිවරුන් 09 දෙනෙකු සහ ගිහි පිරිසක්  එම ස්ථානය ඉදිරිපිට එක්රැස්වී   එම යාඥා මධ්‍යස්ථානය මෙම ප්‍රදේශයෙන් ඉවත්කර ගන්නා ලෙසට දැනුම් දී ඇත.
අනතුරුව එම ස්ථානයට දංකොටුව පොලීසියෙන් පැමිණිෙමන් පසුව පිරිස විසිර ගොස් ඇත. මෙම ආගමික මධ්‍යස්ථානය පවත්වාගෙන යන අයට දංකොටුව පොලීසිය විසින් අවවාද කර ඇත්තේ ඉදිරියේදී ඔබලාට තවත් හිරිහැර හා පහරදීම් වුව සිදුවිය හැකි නිසා මෙම ආගමික ස්ථානය වෙනස් කරගැනීම යහපත් බවය.
දංකොටුව  – මොහොට්ටිමුල්ල ප්‍රදේශයේ ඇති මෙම ක්‍රිස්තියානි භක්තික මධ්‍යස්ථනය අලුතින්
ඉදිකර ඇත්තේ මාස 3කට පමණ ඉහතදි වන  අතර ඊට පෙර අවුැදු 20ක පමණ කාලයක සිට එම ප්‍රදේශයේම සාමාජිකයෙකුගේ නිවසේ මෙම වතාවත් සිදුකරමින් පැවති බව එහි සාමාජිකයෙක් අප සමග පවසා සිටියේය.