කුට්ටිදූව ගම්වාසින්ගේ විරෝධය නිසා ඉවත්කරගත් කුණුකසල ව්‍යාපෘතිය කොච්චිකඩේට..?

0
207

මිගමුව කටාන මායිමේ කොච්චිකඩේ පිහිටි පෝරකේ වත්ත නම් ප්‍රදේශයේ මහනගර සභාව විසින් කිසියම් දැවැන්ත ඉදිකිරිමක් සිදුකරමින් සිටින බව ප්‍රදේශවාසිහු මිපුර වෙබ් අඩවියට පවසා සිටිති.

වාර්තා වන අන්දමට මෙහි ඉදිකිරිම් කරනු ලබන්නේද කොන්ක්‍රිට් චමින්ද නම් වු පුරපති දායන් ලංසාගේ වන් ඇන්ඩ් ඔන්ලි කොන්ක්‍රිට් ව්‍යාපාරිකයා විසිනි.

පසුගිය කාලයේ මේ කොන්ක්‍රිට් චමින්ද විසින්ම මිගමුව කුට්ටිදූව ප්‍රදේශයේ කසල අංගනයක් හොර රහසේම ඉදිකිරිමට ගියද කුට්ටිදූව ගම්වාසින් විසින්ගේ විරෝධය හමුවේ පුරපති විසින් එම ව්‍යාපෘතිය එතනින් ඉවත් කර ගැනිමට කටයුතු කර තිබුණි.



එසේ ඉවත්කරගත් කසල අංගනය දැන් කොච්චිකඩේ පොරේක වත්තට ගෙනයාම සඳහා මේ දැවැන්ත ඉදිකිරිම සිදුකරන්නේද යන්න ගැන බරපතල සැකයක් මතුව ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.
මේ සම්බන්ධයෙන් කොච්චිකඩේ කොට්ඨාසයේ නාගරික මන්ත්‍රීවරයෙකුගෙන් අප කළ විමසුමකදි කියා සිටියේ සභා අනුමැතිය පවා නැති ඉදිකිරිමක් කොච්චිකඩේ පොරකේ වත්තේ සිදුකරමින් ඇති බව තමාටද වාර්තා වි ඇති බවය.
එය කසල බැහැරකිරිම සදහා වන එකක් බවට රාවයක්ද පවතින බව තවදුරටත් පවසා සිටියේය