මීගමුව දූවේ ගමේ අසරණ පවුලක් සොයා දුන්ගාල්පිටිය පොලිසිය මහරෑ ආවේ ඇයි ? කාගේ උවමනාවකටද ?

0
219

මිගමුවේ පරිපාලන අධිකාරයෙන් යුක්තිය ඉටුනොවුන සුජිත්ලා .

පොලිසිත් දැන් හැසිරෙන්නේ එක එකාගේ න්‍යාය පත්‍රයවලට යටවෙලා යන කරුණ දැන් රටපුරාම දිනෙන් දින හෙළිදරව් වෙන්නට පටන් ගෙනය.
කල වයස පැමිණි තරුණ යුවලක් නිත්‍යාණුකූලව විවාහ වි තිබියදි එසේ විවාහ වි සිටි තරුණිය මිගමුවේ ප්‍රබල දේශපාලන පවුලක අයෙකු විම නිසා මිගමුව පොලිස් කොට්ටාශය සිය රාජකාරි සිමා පැනයමින් ක්‍රියාත්මකව තිබු අන්දම ආරක්ෂක ලේකම්වරයාට පමණක් නොව පොලිස් ඇමති දක්වාම ගොස් තිබුණි.
පොලිසියේ නමක් ඇති උසස් නිළධාරියෙකු වන තෙන්නකොන් මහතාටද මිගමු පොලිස් ලොක්කන්ගේ හැසිරිම වාර්තා වි තිබුන බවද සැලය.

පොලිස් ඇමති කියන්නේ තමන් පොලිසිය සුද්ද කරන බවය.
තතු එසේ වුවද දිනෙන් දිනම පොලිසිය සුද්ද වෙන පාටක් නැත.
පසුගිය දා පෑලියගොඩ සිදුවිමේදි පොලිසියේ හැසිරිම මෙයට තවත් කදිම නිදසුනකි.
ජගත් මානව හිමිකම් කවුන්සලය දක්වාම වුවද ලංකාවේ පොලිසිය ගැන චරිත සහතික පිටු ගණන්වලින් දිගහැරෙන්නේ මේ පසුබිම තුලය


ඇති හැකි එකාට එක නීතියකුත් නැති බැරි එකාට තව නීතියකුත් ක්‍රියාත්මක කරන ජනතා අප්‍රසාදයට ලක්ව ඇති ප්‍රධානම ආයතනය වන්නේද පොලිසියයි.
විශේෂයෙන්ම මිගමුව පොලිස් කොට්ටාශය දැනටමත් මේ ගැන කප් ගසා තිබේ.

තතු එසේව තිබියදි ඊයේ ( 27) මහරැ මිගමුව දූව ගමේ අසරණ පවුලක් වෙසෙන කුඩාරමකට දුන්ගාල්පිටිය පොලිසියේ නිලධාරියෙකු පැමිණ තිබේ.
පැමිණ පවසා තිබුනේ කටඋත්තරයක් ලබාදිම සදහා ඒ රෑම දුන්ගාල්පිටිය පොලිසියට පැමිණෙන ලෙසය.


තරුණ දියණියන්ද සමගින් දරුවන් 4 දෙනෙකු සිටින ඒ පවුලේ මුලිකයාට ඒ රැ දරුපවුලත් දමා දුන්ගාල්පිටිය පොලිසියට ඒමට ඇති අපහසුව තේරුම්ගන්නට තරම් රාජකාරි මොළයක් ඒ පැමිණි පොලිස් නිළධාරියාට නැතිවිම ගැන ඒ පොලිසියේ ප්‍රධානින් විසින් සැබැවින්ම අවධානය යොමුකළ යුතුව තිබේ.

මේ තත්වය හමුවේ අසරණ වු මේ පවුල සිය සරණ පතා අමතා දැනුම් දි තිබුනේ මානව හිමිකම් කොමිසම වෙතය.
ශ්‍රිලංකා පොලිසි වල තරම ඉතා හොදින් දන්නාව මානව හිමිකම් කොමිසමට දැන් තවත් වගකිමක් පැවරි තිබේ.
එනම් ඇති හැකි වුන් වෙනුවෙන් පෙනි සිටින ඇතැම් පොලිස් නිළධාරින් ගැන වඩාත් අවදියෙන් සිටිය යුතුවිමය.


පොලිසිය විසින් මෙසේ මහරැ පැමිණ පොලිසි ගෙනියන්නට හදාතිබුනේ මේ වනවිට රටේම අවධානයට ලක්ව සිටින වෙරළ ඛාදනය නිසා සිය නිවස පවා අහිමිව ගිය සුජිත්වය.
දේශපාලන අධිකාරියත් පරිපාලන අධිකාරිත් මේ සුජිත්ලාට ඉන්න තැනක් ලබානොදිම නිසා දිනෙන් දින අසරණ ව සිටින මේ පවුල දැන් දිවි ගෙවන්නේ අනුන්ගේ ඉඩමක ඉටිකොළ වලින් තනා ගත් කුඩාරමකය
සුජිත්ගේ කතාව අප පිටු ගණනින් මෙහි ලියා ඇත.

එහෙත් මේ කථාව යළිත් වරක් මෙසේ සටහන් කරන්නෙමු

වෙරළ ඛාදනය හේතුවෙන් තමන්ට හිමිව තිබුන නිවසයෙන් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේද ඉල්ලිමකට අනුව පැවැති අවදානම් තත්වය හමුවේ ඉවත්වු සුජිත්ට ඉන් පසුව ගැටළු ගණනාවකට මුහුණ දිමට සිදුව තිබුණි.

වසරකට ආසන්න කාලයක් ඔහු අටවාගෙන සිටි පැල්පත කඩාදමන්නට උසාවි නියෝග ගෙන තිබුනේද මිගමුව දුවේ ධිවර සමිතියකිනි.
ඒ නඩුව ගොනුකර තිබුනේ වෙරළ සංරක්ෂනය විසිනි.

ඒ අනුව පසුගිය ජනවාරි මස 21 වෙනිදා සුජිත් පැල්පත කඩාදැමිමට පිස්කල් නිලධාරින් පැමිණ සිටියදි ඒ පැල්පත වියරුවෙන් මෙන් කඩාදමා තිබුනේ සුජිත්ට එරෙහිව පැමිණිලි කර තිබුණ ධිවර සමිතියේ මිල්ටන් නැමැත්තා විසිනි.

අධිකරණ නියෝගයක් ලබාගෙන තාවකාලි පැල්පත පවා කඩා දමන මිල්ටන්ලා



පසුව සුජිත් යළිත් කුඩාරමක් තාවකාලික අටවාගෙන තිබුනේ දේශපාලන අධිකාරියේ ඇතැමුන් සහ ප්‍රාදේශිය ලේකම්තුමියද සුජිත්ට ඉඩමක් ලබාදෙනවා යැයි කියා තිබුන පසුබිමකය

තරුණ දියණියන් දෙදෙනෙකු ද සමගින් සුජිත්ට දරුවන් හතර දෙනෙකි.
මේ දිනවල පවතින කාෂ්ටක අව්ව හමුවේ මහත් අපහසුවකින් සුජිත්ලාට මේ කුඩාරමේ ඉන්නට සිදුව ඇත්තේ එය තනා ඇත්තේ ඉටිකොළවලින් බැවිනි.
තතු මෙසේව තිබියදි අද( 27) රාත්‍රි 9 ට පමණ හදිස්සියෙන් මෙන් සුජිත්ලාගේ කුඩාරමට දුන්ගාල්පිටිය පොලිසියෙන් පැමිණ තිබේ.

පැමිණි නිලධාරියා සුජිත්ට කියා තිබුනේ කටඋත්තරයක් ලබාගැනිම සදහා දැන්ම දුන්ගාල්පිටිය පොලිසියට පැමිණෙන ලෙසය.
තරුණ දියණියන්ද සිය පවුලද කුඩාරමේ තනිවම දමා දුන්ගාල්පිටිය පොලිසියට ඒ මහ යාම අපහසු බව පොලිසියට කියා තිබුණද පැමිණි නිළධාරියා කියා තිබුනේ අද රෑම පැමිණෙන ලෙසය.

මේ තත්වය හමුවේ අසරණ වු සුජිත් පසුව තමන්ගේ ගැටළුව ගැන සොයා බැලිමට පැමිණි ශ්‍රිලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරියෙකු හට තමන් පත්ව ඇති අසරණකම ගැන දැනුම්වත් කර තිබුණි.
ඒ නිළධාරියා පවා කියා තිබුනේ මේ රැ පොලිසිය නොයා හෙට දිනයේ එහි යන ලෙසය.
තවදුරටත් ඔහු පවසා තිබුනේ පොලිසියේ ඉහල නිළධාරියෙකුට ඔහු මේ තත්වය දැනුම් දෙන බවය.

මානව හිමිකම් නිලධාරියා පොලිසියට කථා කළ පසු දැනගන්නට ලැබි ඇත්තේ සුජිත්ට එරෙහිව වරෙන්තුවක් ඇති බවකි.

සුජිත් මේ ගැන කිසිවක් නොදනි.
එසේ වරෙන්තුවක් ඇතිනම් ඒ ගැන පොලිසිය කල්ඇතිව සුජිත්ට දැනුම් දි තිබුනේද? මිට පෙර අවස්ථා ගණනාවකදිම සුජිත් පොලිසියට ගොස් තිබුණි. පොලිස් නිලධාරින්ද පැමිණි තිබුණි. එහෙත් දුන්ගාල්පිටිය පොලිසිය කිසිවිටක සුජිත්ට එරෙහිව වරෙන්නතුවක් ඇතැයි කියා තිබුනේ නැත
එසේ නම් මේ මහරැ සුජිත් සොයා පැමිණියේ ඇයි ?
හෙට ඉරිදා දිනයකි .
යළි උසාවි පැවැත්වෙන්නේ සදුදාය.


මිනිසුන්ගේ දුක නොදන්නා රාජ්‍ය නිළධාරින් සහ උපයෝගිතාවාදි දේශපාලකයන් නිසා අන්ත අසරණ තත්වයකට පත්ව ඇති සුජිත් ලා වැන්නන්ට පොලිසිය පවා මෙසේ හිරහැර කරන්නේ නම් ඉන් කියැවෙන්නේ කුමක්ද ?