මහසභාවේ කිසිදු අනුමැතියක් නැතිව මීගමු ජනයාගේ බදු මුදලින් ඉදිකිරිම් දිගටම..

0
215
NGB MC

මිගමුව පාලනය කරන්නේ එක්තරා දේශපාලන පවුලක්. එයාල හිතන් ඉන්නේ මිගමුව කියන්නේ එයාලගේ පුද්ගලික ඉඩම කියල. ඒ හින්ද කිසිම නිතියක් නැතිව ඔහේ තැන් තැන්වල ඉදිරිකිරිම් කරනවා .

ලස්සනම වැඩේ කියන්නේ දැන් තවත් ලේසියි.

මොකද මේ නගර පාලනය විසින්ම පහුගිය කාලේ ප්‍රකෝටිපතියෙක් කරපු කොන්ක්‍රිට් චමින්ද කියන කෙනාට දැන් කොච්චිකඩේ පැත්තේ තියෙනවලු රු කෝටි 13 ක් වැය කරල ගත්තු හාඩ්වෙයාර් එකක්.(එකේ ඇත්ත අයිතිකාරයා කව්ද කියලත් දැන් විවිධ කථා යනවා )
එයා තමයි මිගමුවේ නගරාධිපතිගේ වන් ඇන්ඩ් ඔන්ලි කොන්ත්‍රාත්කාරයා. සභා අනුමැතියක් නැතත් නගරාධිපති චමින්දට වැඩේ භාර දෙනවා . චමින්දට ගාන කැපෙද්ද නගරාධිපතිගේ සාක්කුවටත් අනිවාර්යෙන්ම ගාන යන හින්ද අතදිග හැරලා මහසභා අනුමැතියත් බල්ලට දාල පිස්සන්ට හැතැම්ම නැ වගේ ඉදිකිරිම් කරනවා.

IMG 20210225 WA0006



මේ දවස්වල කොච්චිකඩේ පොරකේ වත්ත කියන තැන දැවැන්ත ඉදිකිරිමක් කරනවා .ඒකට කිසිම සභා අනුමැතියක් නැ කියල විපක්ෂයේ ප්‍රගතිශිලි මන්ත්‍රිලා සෙට්එකම කියනවා .( අපි ප්‍රගතිශිලි කියල විශේෂණයක් දැම්මේ විපක්ෂයේ එජාප මිගමු සංවිධාකයා වන බෙන්ජමින් ඇතුලු අපත සෙට් එකකුත් ඉන්න නිසා.)
එයාලට මේ මහජන මුදල් කාබාසිනියා වුනා කියල කිසිම ගානක් නැ.

දැන් මේ කොච්චිකඩේ හදන බිල්ඩිම මොකක්ද කියල කතා ගොඩක් යනවා.

කොච්චිකඩේ පැත්තේ පහුගිය දවස්වල දිගින් දිගටම මහනගර සභාවේ ප්‍රචාරයක් ගියාලු කුණු කසල වර්ගිකරණය කරල භාර දෙන්න කියල.
එහෙම පණිවිඩයක් ගිය පළමු වතාව ඒක තමයි කියලයි කොච්චිකඩේ අය කියන්නේ .
එහෙම කියන අස්සේ පොරේක වත්තේ දඩිබිඩියේ ලොකු බිල්ඩිම හැදෙනවා.
මේ ගැන නාගරික මන්ත්‍රිලා අහපුවාම කොමසාරිස් නෝනා කියල තියෙන්නේ වාහන අංගනයක් දාන්න තැනක් හදනවා කියල.
දැන් තියෙන ගැටලුව එහෙම එකක් මහසභාවටත් දාන්නේ නැතිව කරන්න තියෙන හදිස්සිය මොකක්ද කියන එක.
නමුත් කොන්ක්‍රිට් චමින්ද දැන් වැඩේ කරගෙන යනවා .
පොලිතින් එකතු කරන තැනැකට තමයි මේක හදන්නේ කියලත් ගමේ කථාවක් යනවා බදු ගෙවන මිනිස්සු පත්කරල යවපු මන්ත්‍රිල දන්නේ නැතිනම් බදුගෙවන මිනිස්සනුගේ සල්ලි වලින් මේ හදන්නේ මොකක්ද කියල .අන්න එතන තමයි ප්‍රශ්ණය තියෙන්නේ.
ඒ හින්ද තමයි ප්‍රජාත්ත්‍රවාදි සම්ප්‍රදායන අනුව කිසියම් ඉදිකිරිමක් කරනවා නම් ඒව වෙන්න ඕන විදිය ගැන නිති රෙගුලාසි පළාත් පාලන ආයතන වලට යොදල තියෙන්නේ .නමුත් මිගමුවේ ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නෙමේ . එහෙම පිටින්ම ඒකාධිපතිවාදය.
පවුලක් හිතන දේ ඔහේ කරගෙන යනවා.
අපි නම් තාමත් සැක කරන්නේ කොච්චිකඩේ හදන්නේ අර කුට්ටිදුව ජනතාව එපා කියල යල පන්නල දාපු කුණුව්‍යාපෘතිය වෙනුවෙන් බිල්ඩිමක් කියල …

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here